රට අගොස්තුවේ සිට අහාර හිඟයක… මාර්තු වනතුරු ජීවත් වන හැටි ප්‍රශ්නයක්… අගමැති කියයි…

අලුත් අත්දැකීමක් ගන්න කැමති විදේශිකයන්ට ලංකාවට පැමිණිය හැකියි... ඔවුන්ට අගමැතිට සහ ජනපතිට ගෙදර යන්න කියමින් උද්ඝෝෂණවලට එක් විය හැකියි!

එළඹෙන අගොස්තු මාසයෙන් ඉදිරියට ශ්‍රී ලංකාව ආහාර අර්බුදයකට මුහුණ දීමේ අවදානමක ඇති  බවත්  මේ වනවිට කල්පනා කරමින් සිටින්නේ  ලබන මාර්තු වන තුරු ජීවිතය ගැටගසා ගන්නා ආකාරය ගැන බවත්   අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ස්කයි නිවුස් අන්තර්ජාතික ප්‍රවෘත්ති සේවය සමග මාධ්‍යය  සාකච්ඡාවකට එක්වෙමිනි.

රට ස්ථාවර තත්ත්වයක නැති බවත් යල කන්නයේ වගා කටයුතු සඳහා පොහොර නැති බවත්  කී අගමැතිවරයා ඒ හේතුවෙන් සහල් නිශ්පාදනය අඩපණ විය හැකි  ආකාරය පෙන්වා දුන්නේය.

“අපට ණය ගෙවීමට මුදල් නෑ. ඒ ගැන මා ලජ්ජාවට පත් වෙනවා.  නමුත් මෙය තමයි යථාර්ථය.  අප ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරමින් ඉන්නවා. නමුත් ඊට කාලයක් ගතවේවි.“  අගමැතිවරයා කීවේය.


“මේ අවස්ථාවෙ ඔබට විදේශිකයින්ට  ආරාධනා කරනන් පුළුවන් ද ලංකාව සුරක්ෂිතයි… ඇවිත් යන්න කියලා…“ මාධ්‍ය වේදියා විමසුවේය.

“අලුත් අත්දැකීමක්  ලබන්න කැමති විදේශිකයන්ට ලංකාවෙ සංචාරය කරන්න පුලුවන්. ඒ වගේම ඔවුන්ට විරෝධතා වලටත් සම්බන්ධ වෙන්න පුලුවන්.“

“සමහර විට ජනාධිපතිවරයාට ගෙදර යන්න කියලා ඔවුන්ටත් පුලුවන්.  විරෝධතා පුවරු රැගෙන ඉන්න හැකියි… ඒ වගේම අගමැතිට ගෙදර යන්න කියන්නත් පුලුවන්.  ඔවුන්ට එවැනි විවිධ විකල්ප තියනවා.“ අගමැතිවරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිරු පුවත් සේවය එය වාර්තා කළේ මෙසේය. 

Exit mobile version