රටේ හැටියට අපේ කාබන් පිට කිරීම ඉතා අඩුයි – ඉන්දිය අගමැති මෝදි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දියාවේ ජනගහණයට සාපේක්ෂව ගෝලීය කාබන් විමෝචනය ඉතාමත් අඩු මට්ටමක පවතින බවත් ඊට හේතුව ජනතාවගේ ජීවන රටාව බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා ජී7 සමුළුවේදී සඳහන් කළේය.
ලෝකයේ, ඉතා වේගවත් ආර්ථික සංවර්ධනයක් සහිත රට වුවත් මෙම කාල පරිච්ඡේදය පුරාවට ඉන්දියාව තුළ සිදු වූයේ හරිත සංවර්ධනයක් බව ද අග්‍රමාත්‍යවරයා පැවසීය. අවම පාරිසරික හානි සහිතව, පිරිසිදු බලශක්තිය, සස්ටේනබල් ජීවන රටවා හා ගෝලීය යහපත් ජීවන රටාවන් හරිත සංවර්ධනයක් සඳහා පිටුවහලක් වී තිබේ.
ලෝකයේ ජනගහණයෙන් සීයට 17ක් වාසය කරන්නේ ඉන්දියාවේ. ඒත් අපි ගෝලයට මුදා හරින්නේ සීයට 5ක් තරම් අඩු කාබන් ප්‍රමාන්‍යක්.. මේකට ප්‍රධානම හේතුව පරිසරය සමඟ බැදිලා තියෙන අපේ ජීවන රටවා.. අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට ඉන්දියාව උදාහරණයක් කර ගන්න පුළුවන්..”
ඔහු සඳහන් කළේය.
“ඉන්දියානු සංස්කෘතිය හා ජීවන රටාව සමඟ බැදුණු ආර්ථික සංවර්ධනයේදී තාක්ෂණය කියන දේත් ගොඩක් වැදගත්. අලුත් පරීක්ෂණ, නවෝතපාදන වගේම නිෂ්පාදනයන් සඳහා ජී 7 රටවල්වලට ආයෝජනය කරන්නත් පුළුවන්..”
ඉන්දියාවේ පවතින සෞඛ්‍ය සේවාව සඳහා නව තාක්ෂනය යොදා ගත හැකි බව ද අග්‍රමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Exit mobile version