රටේ පවුල් ලක්ෂ 57න් පවුල් ලක්ෂ 28කට පිරිසිදු පානීය ජල පහසුකම් නෑ….

ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කියයි

ලලිත් චාමින්ද –

මෙරට ජිවත්වන පවුල් ලක්ෂ 57 අතුරින්  ඉන් සියයට 49කට පිරිසිදු පානිය ජලපහසුකම් නොමැති බවත් වසර 04ක් ඇතුළත එම ඉලක්කය සපුරාලිමේ අභියෝගයක් පවතින බවත් ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස් ජි විජය බන්දු  පවසයි.

මෙරට ජිවත්වන පවුල් ලක්ෂ 57 අතුරින් පසුගිය වසර 72 කාලය තුළ පිරිසිදු පානිය ජල පහසුකම් සපයා දි ඇත්තේ  සියයට 51කට බවත්  එම පවුල්වලින් සියයට 49කට  පානිය ජල පහසුකම් ලබාදිමේ ඉලක්කයක් පවතින බවද හෙතෙම පවසයි.  ඉදිරිවසර 04තුළ මෙරට සියලු ජනතාවට  පිරිසිදු පානීය ජලපහසුකම් ලබාදීමේ  ඉලක්කය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ  සඳහන් වන බවද රජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා පවසයි. මෙය බැරුරුම්  ඉලක්කයක් බවත් එම ඉලක්කය සපුරාලිම සඳහා කටයුතු කරණ බවත් ඔහු කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගාල්ල හෝල්ඩ් ගොල් ශාලාවේ දී පැවති ග්‍රාමිය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කමිටුවට එක්වෙමින් ඔහු  මේ බව සදහන් කළේය. 


Exit mobile version