රටේම බාර් වහන්න… රජයේ වෛද්‍ය නිලධාරීනගේ සංගමය රජයට කියයි…

ශ්‍රියානි විජේසිංහ –                                                      

කොරෝනා වසංගතය රටපුරාම වේගයෙන් පැතිර යාමේ අවදානමක් පවතින බැවින්  මත්පැන් අලෙවිසැල් (බාර්) වසා දැමීම වහාම කළ යුතුයැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

මත්පැන් මිලදී ගැනීම සඳහා දිගුපෝලිම් දක්නට ලැබෙන බවත් එම පෝලිම්වල දුරස්ථභාවය පවත්වාගෙන යාමට කිසිවිටෙකවත් කටයුතු නොකරන බව නිරීක්ෂණය වී ඇතැයි සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කරයි.

දුරස්ථභාවය රදවා නොගැනීම කොරෝනා වෛරසය පැතිර යාමේ ප්‍රධාන සාධකයක් වන බැවින් එය මර්දනය නොකළහොත් දැනට පවතින කොරෝනා පොකුර  පැතිරයාම වේගවත් වීමේ බරපතල අවදානමක් ඇති බවද වෛද්‍ය අලුත්ගේ  පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මත්පැන් අලෙවි සැල් වසා දැමීම සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළදී  සෞඛ්‍ය බලධාරීන් සමග පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ඡාවේදී මේ සබ්න්ධයෙන් තීරණයක් ගන්නා බව ද හෙතෙම සදහන් කළේය.

 

Exit mobile version