“රටින් පිට වෙන්නවත් බැරි මම එක කෝල් එකෙන් ගුවන් සේවා හතරක් මෙරටට ගෙනාවා”

යුක්රේනයෙන් සංචාරකයන් ගෙනා උදයංග කියයි

මෙහෙම නෑදැයෝ ලබන්න පිං කරල තියෙන්න ඕන
• එන සංචාරකයන්ගන් සියයට 90ක්ම පිරිසිදුයි
• අවශ්‍ය වෙලාවට පුටින්ට පනිවිඩ යැවීමේ ක්‍රමයක් තිබෙනවා
• ලංකාව මාව සලකන්නේ නීලකාස හොරෙක් හැටියට

ශ්‍රි ලංකාවේ ඇද වැටී ඇති සංචාරක කර්මාන්තය ගොඩ ගැනීමේ අදහසින් රුසියානු , යුක්රේන සහ කසකස්තාන සංචාරකයින් ශ්‍රි ලංකාවට ලෙන ඒමට තන් කටයුතු කළ බවත් මේ වනවිට රටින් පිටවීමටවත් නීතියෙන් අවසර නැති තමන් එක් දුරකථන ඇමතුමකින් ගුවන් සේවා හතරක් සමඟ ශ්‍රි ලංකාවට සංචාරකයන් ‍ගෙන්වූ බවත් රුසියාවේ හිටපු තානාපති උදයාංග වීරතුංග මහතා පවසයි. මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමඟ ටෘත් විත් චමුදිත යූ ටියුමබ් නාළිකාවට සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී ඇති වූ කතා බහ මෙසේය.
උදයංග වීරතුංග තාමත් ජාත්‍යන්තර රතු වරෙන්තු ලැයිස්තුවේ ද?
රතු වරෙන්තු ලැයිස්තුවෙන් අයිං වුණා. හැබැයි රතු වරෙන්තු ලැයිස්තුවේ හිටපු උදයංග වීරතුංග තමයි වැඩි දෙනා අඳුරන්නෙ.

සාමාන්‍යයෙන් පේන්නේ ඔබ හරි අහිංසක චරිතයක් වගේ නමුත් රට ඔබ අඳුරන්නෙ කුප්‍රකට ව්‍යාපාරිකයෙක් කියලා. මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ පුද්ගලයෙක්. ආයුධ ජාවාරම් කරුවෙක්. මේ අතුරින් ඔබට ගැලපෙන්නේ කොයි චෝදනාවද?

ඒ චෝදනාව අවුරුදු 5ක් තිස්සේ ආවා. මට ඒ එකක් අතර අනිත් එකට වෙනසක් නෑ. මට හුරුයි දැන්


ඇත්තටම යහපාලන ආණ්ඩුවට උදයංග වීරතුංග අත්අඩංගුවට ගන්න බැරි වුණා ද එහෙමත් නැත්නම් උදයංග සහ යහපාලන ආණ්ඩුව අතරේ ඩීල් එකක් ගියාද?

ඇත්තටම යහපාලන ආණ්ඩුවට මාව අත්අඩංගුවට ගන්න බැරි වුණා.

ඔබ රටවල් ගණනාවක සංචාරය කරනවා?

මහින්ද රාජපක්ෂ මහතාගේ පළවෙනි සංචාර තමයි තායිලන්තයේ සංචාරය. මම ඒකෙත් ඒකෙත් ඡායාරූපයකට පෙනී සිටියා. මම ගොඩක් රටවල් වලට ගියා. ඒත් මාව අත්අඩංගුවට ගන්න බැරි වුණා.

ඔබ කොහොමද රතු වරෙන්තුවක් අතේ තියාගෙන එයාර්පෝට් එකෙන් එයාර්පෝට් එකකට ගියේ?

නෑ රතු වරෙන්තුවක් මට දීල තිබුනෙ නෑ. මට දීලා තිබුනේ නිල් වරෙන්තුවක්. ඊට පස්සේ රතු වරෙන්තුවක් දැම්මේ. ඒක දැම්මට පස්සේ මම travel කළේ නෑ. ඒක යහපාලනය අන්තිම කාලේ. එතකොට මට travel කරන්න එච්චර අවශ්‍යතාවයක් තිබුනෙත් නෑ.

මොනවද ඔබ කරන ව්‍යාපාර?

සංචාරක ව්‍යාපාරය කියන්නේ මගේ ආරම්භක ව්‍යාපාරයක්. සෝවියට් දේශයෙන් යුක්රේන රාජ්‍යය කැඩුණ ගමන් කළා. එහේ මම නොයෙක් බිස්නස් කළා තේ බිස්නස් වගේ.

රුසියානු ජනාධිපති පුටින් සමග ඔබගේ යම් පෞද්ගලික දැනහැඳුනුම්කමක් තිබෙනවාද?

තානාපති කෙනෙක් විදියට හැරෙන්න මට තිබුණ හැඳුනුම්කම තමයි 2006දී අපේ රටේ යුද්ධයේ දී රුසියානු සහාය අවශ්‍ය වුණා. එතනදී ඔවුන් සමග වැඩි සම්බන්ධතාවයක් පවත්වන්න මට පුළුවන් වුණා.

පුටින්ට සෘජු දුරකථන ඇමතුමක් ගන්න ඕන වෙලාවක ඔබට පුළුවන්ද ?

කවුරු හරි එහෙම කිව්වොත් මම ඒක විශ්වාස කරන්නේ නැහැ. නමුත් යම් මාර්ගයකින් මට ඒක කරන්න පුළුවන්.

මට පළමුවෙන්ම යහපාලන ආණ්ඩුවත් කිව්වෙත් ඕක තමයි රුසියාවේ ඉඳගෙන යුක්රේනයට ආයුධ සපයනවා කියලා.

මිග් ගනුදෙනුවට ලෝකයේ පීරමින් උදයංගව හොයන අතරේ ඔබ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කතා කරා?

කීප පාරක්ම කතා කරා.

මොනවද ඔහු කිව්වේ?

ඔහුට කියන දේ ඒ විදියටම ටෙලිෆෝන් එක තියල අනිත් පැත්තට කියන කෙනෙක්. අර ගෑනු කෙනෙක් ඔව් කියන එක නෑ කියලා කියන්නේ. ඔහු අන්න ඒ වගේ චරිතයක්. කියන හැම දෙයක්ම අනිත් පැත්ත. මම මුලින්ම දෙපාරක් කතා කරලා මගේ කන්ටේනරය දෙන්න කිව්වා. ඊට පස්සේ පස්සේ මගේ අතිශය පෞද්ගලික බඩු ටික දෙන්න කියලා කිව්වා. මගේ අම්මට පෙන්නන්න මගේ දුවගේ මඟුල් ෆොටෝ වත් නෑ. මම කිව්වේ වාණිජ වටිනාකමකින් යුත් බඩු සියල්ල තියාගන්න මගේ පෞද්ගලික බඩු ටික දෙන්න කියලා ඒක වත් දුන්නේ නෑ.

කවුරු හරි කෙනෙක් ඇඟිල්ල දික් කරොත් උදයංග කියන්නේ ජාත්‍යන්තර ජාවාරම්කරුවෙක් කියලා ඒකට උත්තර දෙන්න සූදානම් ද ?

ඔව් මම සූදානම් මොකද interpol රතු වරෙන්තුවක් තිබිලා මාව ලංකාවට ගෙන්න ගන්න බැරි උනේ ඒ ඔවුන්ට ඔප්පු කරන්න කිසිම දෙයක් තිබුනේ නැති නිසා.

ඔබ එෆ් සී අයි ඩී ප්‍රධානී රවී වෛද්‍යාලංකාරට කතා කළා?

නෑ මම රවී වෛද්‍යාලංකාර ට කතා කළේ නෑ. මම ගියපු ෆ්ලයිට් එකේ රවී වෛද්‍යලංකාර ගියා. ඩුබායි වල දී එයාර්පෝට් එකේදී හම්බවෙලා තියනවා. එයාට මාව අඳුරගන්න බැරි වුණා හෝ යම් කිසි දෙයක් වෙච්ච එක එක එයාගේ වැරැද්දක්.

බලන් යනකොට උදයංග වීරතුංග එක පැත්තකින් දක්ෂයෙක්. ඔබ ඒක පිළිගන්න කැමැතිද නැත්තං ඔබ නිහතමානී ද ඊට වඩා?

මං හිතන්නේ ඒක මගේ දක්ෂතාවය නෙමෙයි. එහෙත් අපිට සෝවියට් දේශය උගන්නපු දේවල් මේ වගේ ප්‍රශ්නවල දී පාවිච්චි කළා.

මහින්ද රාජපක්ෂ සමඟ මොකක්ද ඔබේ නෑකම ?

මගේ අම්මයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අම්මයි සහෝදරයෝ.

හැම ඔබේ ඥාතිත්වය පිළිබඳ අද ඔබ සතුටු වෙනවද? ඔබ ලබා ගත්තේත් ඔබ නැති කරගත්ත හැමදේ ඇති වුණේ මේ ඥාතීත්වය නිසා කියලා ඔබ අද හිතනවද?

ඒ වගේ ඥාතින් ලැබෙන්න පින් කරලා තියෙන්න ඕන. මොනවා නැති වුණත් මම ඒ ගැන කවදාවත් චෝදනා කරන්නේ නෑ. මගේ අම්මා වගේම ජනාධිපතිතුමාගේ අම්මත් මට ආශිර්වාද කරනවා. අද ඒ ගොල්ලො සැතපෙන ලෝකෙක ඉඳන්.

කවුද කතා කරලා කිව්වේ උදයංග දැන් ප්‍රශ්නයක් නෑ ලංකාවට වරෙන් කියල?

කවුරුවත් කතා කරල කිව්වේ නෑ. මම ආවේ නිකම්ම නෙවෙයි. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඉහළම උසාවියට ඉල්ලීමක් කරලා මම ලංකාවට යනවා මට යන්න අවසර දෙන්න කියලා කරලා ආවෙ. කවුරුත් ගෙන්නුවා නෙවෙයි.

ඔබට විශ්වාසයක් තිබුණද මට ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා

මට විශ්වාස නැතුව තිබුණේ මේ දවස්වල නැති ප්‍රශ්න ඇති කරන එක ගැන. නමුත් දැන් මට විශ්වාසයි සාධාරණය ඉෂ්ට වෙනවා සත්‍ය එළි වෙනවා කියලා.

ඔබ මහින්ද රාජපක්ෂට කතා කරන්නේ කොහොමද?.

රාජකාරි වෙලාවට සර් කියලා. අනිත් වෙලාවට මහින්ද අයියා කියලා.

මහින්ද රාජපක්ෂ, බැසිල් මේගොල්ලෝ ඔබගේ අයියලා නේ. ඔබට විශ්වාසයක් තිබුණද ලංකාවට ආවොත් මේගොල්ලෝ ඔබව හිරේ දාන එකක් නෑ කියලා?

නෑ. මම සූදානම් වෙලාමයි ආවේ. මම හිරේ හිටපු කාලේ ගැන මම අදටත් පසුතැවිලි වෙන්න නෑ. මම වැලිකඩ හිටපු කාලේ ගොඩක් අත්දැකීම් ලැබුණා. ඒවා එලියෙදි ලබාගන්න බැරි දේවල්. නමුත් මම විශ්වාස කළා මට නීතිය ක්‍රියාත්මක වෙනව සාධාරණ විදියට කියලා.

පෝලිමට නඩු නිදහස් වෙන විදියට ඔබට විශ්වාසයක් තිබෙනවා ද රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට ආපහු යන්න පුළුවන් වෙයි කියලා?

මුලින් බලා මම බලාපොරොත්තු වෙනවා වරදක් කරලා තියනවනම් නඩුවක් දාවි කියලා. අද වෙනකන් නඩුවක් දාලා නෑ. මට උසාවි වාර 50 කට වඩා තිබිලා තියනවා. නමුත් අද වනතුරු චෝදනා පත්‍ර භාර දීල ඉහළ උසාවියේ නඩුවක් මේ අවුරුදු පහට අද වෙනකන්.

ඔබට එල්ලවෙන්නේ ජාවාරම්කරුවෙක් කියන චෝදනාව. හැබැයි උදයංග අතාරින්නෙ නෑ ඉස්සරහට යනවා. මොකක්ද මේ කාරණාව?

මං හිතන්නේ මේ රාජපක්ෂවරුන්ගෙන් පුංචිකාලේ අපි ලබපු ධෛර්යය මේ පාඩම්. ඔබ සත්‍ය නම් ඔබට බය වෙන්න දෙයක් නෑ .

ඔබ යහපාලන ආණ්ඩු කාලයේ යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයෙක් සමග ඩීල් එකට උත්සාහ කළා ඒක සාර්ථක වුණේ නෑ නේද ?

මගේ කිසිම ඩීල් එකක් ප්‍රබලයෝ එක්ක නෑ. හැබැයි දේශපාලනයේ සමහර අය මම හොඳට දන්නවා. ඔවුන්ට අදත් කතා කරනවා එදත් කතා කළා. මම කිසිම කෙනෙක්ගෙන් උදව් ඉල්ලලා නෑ.

කවුද ඔබට උදව් කරන්න මැදිහත් වුණේ ?

කවුරුවත් කිව්වේ නෑ . නමුත් ඔවුන් වැඩ කරන විදිය ගැන මම අවශ්‍ය දේවල් දැනගෙන තිබුණා. ඔවුන් කරන්න යන දෙයට ප්‍රතිවිරුද්ධ පියවර ගන්න මට හැම වෙලාවෙම හැකි වුණා.

තානාපති කාර්යාලයේ ඔබේ පුද්ගලික සහකරු ඝාතනය කළා කියන මිනීමැරුම් චෝදනාවක් ඔබට එල්ල වෙලා තිබුණා ?

ඒ චෝදනාව අදටත් මට හදවතට දැනෙන ලොකුම දේ තමයි මගේ පුතා හිතලා තිබුණා මම ඒ මරණය සිදු කළා කියලා. ඇත්තටම ඒක රිය අනතුරක්. ඒ රිය අනතුර වෙච්ච විදිය එදා ඒ හෝටලයේ සිසිටිවි කැමරා දෙකක රෙකෝඩ් වෙලා තිබෙනවා. ඒ රියැදුරු උසාවියෙන් දඬුවම් ලබල තියනවා. ඒකෙදි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයත් කොළඹ රුසියානු තානාපති කාර්යාලයත් යන තානාපති කාර්යාල දෙකම ඒ දිනවල ඒ පිළිබඳ වාර්තා ඉදිරිපත් කරලා තියෙනවා. එහේ උසාවියේ නඩුවක් ඉවර වෙලා ඒ නඩුවේ තීන්දුවක් දීලා තියනවා. ඒ විතරක් නෙවෙයි මංගල සමරසිංහ හිටපු විදේශ අමාත්‍යවරයා ඒ චෝදනාව කරපු වෙලාවේ රුසියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයාට සෙර්ගෙයි ලව්රොෆ්ට මම කිව්වා මේකෙ ඇත්ත තත්ත්වය අපේ ආණ්ඩුවට දන්වන්න කියලා. එහිදී ඔහුගේම වචන වලින් දන්වනවා නම් එම සිද්ධියට කිසිදු ශ්‍රී ලාංකිකයෙක් සම්බන්ධ නැති අතර උදයංග වීරතුංග එම චෝදනාවෙන් නිදහස් වේ.

ඔබේ හෘද සාක්ෂියට අනුව ඔබ මේ ඝාතනය කළාද නැද්ද?

ඒක ඝාතනයක් නෙවෙයි රිය අනතුරක්. නොයෙල් රණවීර කියන්නේ මගේ ළමයි ඉපදෙන්නත් කලින් අපිට කන්න බොන්න හදලා දීපු කුක්. ඔහු අපේම පවුලෙ කෙනෙක්. ඒ රිය අනතුර උනාම මම තනියම එන්න හදනකොට නෑ අපි හතරදෙනාම යන්න ඕන කියලා මගේ භාර්යාව කිව්වා. අපි හතරදෙනාම ඇවිල්ලා ඒ භූමදාන කටයුතු අවසන් කරලා එපමනක් නොවේ තුන්මාසේ දානේ පවා වයසෙ ගාණට ඕනෙ කිව්වම පිරිකර අරන් දුන්නා. මොස්කව් තානාපති කාර්යාලයෙන් අපි දානයක් දුන්නා. නොයෙල් කියන්නේ අපට අපේ ජීවිතේ අමතක කරන්න බැරි කෙනෙක්. නොයෙල් කියන්නේ තානාපති වෙන්න කලින් ඉඳන් මං ගාව හිටපු කුක් කෙනෙක්.

ඔබ අවුරුදු නවයක් රුසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්. ඒක ලේසි පාසු කටයුත්තක් නෙවෙයි. ඕක තමයි පවුල් පාලනය. එහෙමයි චෝදනා එල්ල වුණේ. ඔබේ නවතම සංචාරක ව්‍යාපෘතිය travel bubble මේකේ මූලික concept එක කාගේද?

මුලින්ම වෙනසක් කරන්න ඕන. උදයංග වීරතුංග තානාපති වෙච්ච එක ගැන කියපු එකට. ලක්ෂ්මන් කදිරගාමර් ඇමති කාලෙ මම hounoural council විදිහට පත් කරනවා යුක්රේනයේ. ඒ 1999 වගේ වසරේදී. එදා ඉඳන් මම ශ්‍රී ලංකාවට වැඩ කරන්නේ නොමිලේ. ඒ පළපුරුද්දත් ඒ භාෂා දැනුමත් එක්ක. ඒ දෙකේ එකතුවක් නිසා තමයි මාව තානාපති විදියට පත් කරන්නේ. අද travel bubble එක වුණත් අගමැතිතුමාගේ විශ්වාසය මත ඒක ක්‍රියාත්මක වෙන්නේ අපට මේ සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කළ යුතුයි.

කාටද මේක මුලින්ම හිතුනේ ?

මම ඇත්ත කිව්වොතින් ඒ පිළිබඳ අදහස් ආවේ ගිය වසරේ අගෝස්තු මාසේ පළවෙනිදා ඉඳන් අගෝස්තු 19 වෙනකම් තුර්සියේ අන්තාලියා කියන නගරෙට රට ඇරියම එක දවසකට සංචාරකයන් මිලියනයක් ඇවිල්ල තියෙනව. ඒකෙ කියනවද දෙලක්ෂ අනූනව දහස් ගණනක් ඇවිල්ලා තියෙන්නෙ කියලා රුසියන්. එහේ සඟරාවක ආටිකල් එකක ඒක තිබුණේ. මම ඒක බැලුවම ඒකෙ සියයට හැටක් ඇවිල්ල තිබුනේ පරණ සෝවියට් රුසියානු රාජ්‍ය වලින්. ඒකෙන් තමයි මට මේ අදහස් ආවෙ. ඔවුන් ඇවිල්ල තිබුනේ මුහුදු තීරයේ විවේකය ගන්න. අපිට ඒක ලංකාවට ආදේශ කරන්න පුළුවන් නං යෝජනා කරලා ඒක අපිට දෙන්න පුළුවන් නම් සංචාරකයන්ට එහෙම නම් අපිටත් පුළුවන් යම්කිසි විදිහකින් සංචාරක ව්‍යාපාරය ආරම්භ කරන්න.

කාටද ඒ ප්‍රොජෙක්ට් එක ගැන මුලින්ම ඔබ කිව්වේ ?

මම කිව්වේ අගමැතිතුමාට.

ඒක කිව්වම අගමැතිතුමා මොකක්ද කිව්වේ නියමයි පුළුවන්ද කරන්න කිව්වද ?

මගේ කාලේ රුසියානු සංචාරක ව්‍යාපාරය මම සියයට දෙදහස් ගාණකින් ප්‍රවර්ධනය කළා. මම කිව්වා මේකෙ වගකීමක් මම ගන්නං කියලා.

ඔබ ජනාධිපතිතුමාට මේක කිව්වේ නැද්ද ?

මම කිව්වේ අගමැතිතුමාට

ඇයි ජනාධිපතිතුමා වැඩිය නෑයො එක්ක කිට්ටු නැද්ද?

එහෙම නෙමෙයි ජනාධිපතිතුමා කරුණාවන්තයි.

ජනාධිපතිතුමා සැරයිද?

නෑ ඉතිං එක් එක් පුද්ගලයාගේ එක එක චරිත නේ.

අගමැතිතුමාට මේක කිවුවහම පැහැදුණා ද?

ලොකු විශ්වාසයකින් පැහැදුනා.

සැප්තැම්බර් 19 තමයි මේකේ මූලික කැබිනට් යෝජනාව දැම්මෙ. සැප්තැම්බර් 28 වෙද්දි එකේ අතිරේක ලියකියවිලි දත්ත එකතු කලාම අනුමැතිය ලැබෙනවා . ඊට පස්සේ අගමැතිතුමා බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කොමිටියක් දාලා මේ ගැන සොයා බලනවා. රුසියානු විතරක් නෙවෙයි සම්පූර්ණ සංචාරක ක්ෂේත්‍රය ම ප්‍රවර්ධනය වෙනුවෙන්. ඊට පස්සේ තමයි කොවිඩ් දෙවැනි රැල්ල එන්නේ. ඒකයි හැමෝම සැක සහිතව මේ දෙස බලන්නේ.

ඔබ මුලින්ම කිව්වෙ රුසියාවෙන් ගේනවා කියලා හැබැයි ආවේ යුක්රේනයෙන් ඇයි ඒ?

ඒ කැබිනට් අනුමැතියේ තියෙන්නෙ රුසියාව, යුක්‍රේනය, කසක්ස්තානය. රුසියාවේ ෆ්ලයිට් ආවෙ නැත්තෙ අපිට දීල තිබුන සෞඛ්‍ය නිර්දේශ. ඒ සෞඛ්‍ය නිර්දේශවලට රුසියාවේ සංචාරකයෝ ලංකාවට කවදාවත් එන්නේ නෑ. ඒවා ප්‍රායෝගික නෑ. සංචාරකයෙකුට සති දෙකක් තමන් කාමරයකට දාලා වහලා මෙහිදී pcr පහක් විතර කරන්න ඒගොල්ලන්ට පිස්සු නෑ මේ රටට එන්න. සති තුනක් විතරයි එයාලා ඉන්නෙත්. 1960 ඇත්ත තමයි එරෝලොෆ්ට් අන්තිමට ලංකාවට ආවේ. මම එයාලට කතා කලාම එයාලා ෆ්ලයිට් දාසයක් සූදානම් කළා 26 වැනිදා ඉඳන් සතියකට දවස් තුනක් ගානේ තුන් වරක්. නමුත් මේ උපදේශන නිකම්ම නෙමෙයි රුසියානු භාෂාවට පරිවර්තනය කරල එහෙ ඉන්න ඔක්කොම travel agentලට තානාපති කාර්යාලයෙන් යවලා තිබුණා. එතකොට තානාපති කාර්යාලය හිතුවලු ඒක ප්‍රමෝෂන් එකක් වෙයි කියලා. නමුත් ඒකේ අභ්‍යන්තරය කියෙව්වොත් කවදාවත් එන්නේ නෑ. travel operatorsලා බයවුණා. මේ සෞඛ්‍යය නිර්දේශ දැක්කම තීරණය වෙනස් වුණා. සංචාරක ක්ෂේත්‍රයට අදාළ උපදේශන වෙනස් වුණ නමුත් තවම හිතකාමී නැහැ.
සංචාරක ක්ෂේත්‍රයේ අපි ප්‍රවර්ධනය කරන්න ඇත්තන් අපේ මූලික ආදායම පහෙන් එකක් අපි වෙන දේකට ආදේශ කරන්න වෙනවා.

ඔබ දැන් යුක්රේන සංචාරකයන් ගෙන ගෙනඒම පිළිබඳ සතුටු වෙනවද නැත්නම් පසුතැවෙනවාද ?

මම පසුතැවෙන්නේ අපි සැප්තැම්බර් පටන් ගත්තේ නැති එක. අපි ඔක්තෝම්බර් පටන් ගත්ත එක ගැන. ඇයි එහෙම කියන්නේ අපි ඔක්තෝම්බර් පටන් ගත්තා නං අද මාලදිවයිනට සති දෙකකට කලින් පළවෙනි ලක්ෂය ආවම covid වලින් වලින් පස්සේ. ඊළඟට ඉන්නේ රුසියාව හත් වෙනි තැන යුක්රේනය. අපි ඔක්තෝම්බර් මාසෙ පටන් ගත්ත නං අපිට දැන් ලක්ෂ ගානක් ඇවිල්ලා. විශේෂයෙන්ම මේ දෙසැම්බර් මාසේ . ඒක මම ඉතාම වගකීමකින් කියන්නේ.

එක වාර්තාවක තිබුණා කැබිනට් එක රබර් සීල් එකක් බවට පත් කළ උදයංග කියලා මම දන්නා තරමින් උදයංග වීරතුංගට කිසිම තනතුරක් දරන්නේ නෑ. හැබැයි මේ ව්‍යාපෘතියේ සංකල්පය සහ ප්‍රධානියා ඔබ. මොකද හිතන්නේ?

කැබිනට් එක කවදාවත් රබර් සීල් එකක් වෙන්නේ නැහැ. නමුත් කැබිනට් එක කියලා කියන්නේ අදහස් එකතු කරල ඒ ඇමතිවරයෙක් හෝ අගමැතිවරයා අනිත් අයගේ සහයෝගය ලබා ගන්න දෙයක්.

ඔබ මේ ප්‍රොජෙක්ට් එක කරනවට ප්‍රසන්න රණතුංග කැමති නෑ නේද?

ඒක සංචාරක ඇමතිතුමාට සෘජුව බලපාන එකක්. මොකද අගමැති තුමා මුදල් අමාත්‍යවරයා විදිහට කැබිනට් යෝජනාව දාන්නෙ ඒකෙ සංචාරක ඇමති තුමා විදියට ඒකෙ අත්සන් කරලා තියෙනවා. ඒක එතුමාගේ කැමැත්ත.

කැමැත්තෙන්ද නැත්නම් උදයංග වීරතුංග ගේ පවුලේ කෙනෙක් නිසා මට මේක අස්සන් කරන්න වෙනවා කියලා හිතලා කර දෙයක් ද ඔහු?

මට හිතෙන්නෙ නෑ එහෙම දෙයක් කියලා. මොකද සංචාරක අමාත්‍යවරයා විදිහට සංචාරක ව්‍යාපාරය නැවත ගොඩනැගීමේ ගෞරවය ලැබෙන්න එතුමට. උදයංග වීරතුංගට නෙවෙයි. උදයංග වීරතුංග දැනට සමාජයේ කියන විදියට නීලකාස හොරෙක්. රුසියානුවන්ට මම අවුරුදු නවයක් තිස්සේ විශ්වාසය දීලා තියෙනවා. ඒ විශ්වාසය නිසා මට රටෙන් එළියට යන්නත් බෑ අදටත්. නමුත් මගේ ටෙලිෆෝන් කෝල් එකෙන් මම ෆ්ලයිට් airline හතරක් ගෙන ආවා.

ඕක කරන්න පුළුවන් එකම මනුස්සයා උදයංග විතරයි ද මේ රටේ?

මේ අවස්ථාවේ මම විතරයි වෙන්න පුළුවන්.

උදයංග මේ කරපු වැඩෙන් උදයංග පොකුරක් ඇති කරන්න කිසිම අවදානමක් නැද්ද?

මේ ආපු අයගෙන් 524කට තුන්දෙනයි කොරෝන හැදිලා තියෙන්නේ. ආණ්ඩුව කිව්වා හත්දෙනෙක් කියලා දෙවැනි සැරේ pcr එකෙන් යායකින් ඔප්පු වුණා තුන්දෙනයි කියලා.

PCR වල දී යම් යම් තාක්ෂණික දේවල් වෙන්න ඇති. ඇත්ත ගාන තුනයි . මම කියන්නේ PCR වල දී යම් වෙනස්කම් වෙන්න පුළුවන්. නමුත් මේ සංචාරකයින්ගෙන් 90% පිරිසිදු සංචාරකයින්.

මේ අය එන්නේ පැය 72 ක ට කලින් ගත් PCR රිපෝට් එකක් අතේ තියාගෙන ද?

ඒ විතරක් නෙවෙයි ඒ රටේ emigration එකෙන් කිසිම සංචාරකයෙක් ට පිට වෙන්න බැහැ PCR පරීක්ෂණය නොකර. ඊයේ දෙන්නෙක් එවලා තිබුණේ නැහැ ෆ්ලයිට් එකේ ඒ අය PCR නොකර.

මේ සංචාරකයන් පිරිස කලින් අනුමත කරගත් තැන් වල නැතුව ඔබට කැමති කැමති තැන්වල යනවා කියලා චෝදනා කරනවා.

මේඅයගෙන් 90%ක් කොරෝනා නෑ කියලා තහවුරු වූ අය. දැනට PCR 2ක් අපි කරලා තියෙනවා. ඒ දෙකෙන්ම ඔවුන්ට වෛරසය නෑ කියල ඔප්පු වෙලා ඉවරයි. වෛරසය තියන අය අපි වෙනම කාමර වලට දාන්න හෝටල් වල සුදානම් කරලා තිබුණේ ඔවුන් එන්න කලින්. අපි එක බලාපොරොත්තු වුණා තවමත් 25% කාමර වෙන් කරලා තියෙන්නේ හෝටල් වල. එහෙම අවශ්‍යතාවයක් ආවොත්.

හෝටල් කාමර ගාස්තු බලහත්කාරයෙන් අඩු කර ගත්තා ඔවුන් වෙනුවෙන් කියා චෝදනාවක් තිබෙනවා.?

යුක්‍රේනය ආදි රටවල සංචාරකයන් සමග මේ හෝටල් වැඩ කරන්නේ අද අදක ඊයෙක නෙමෙයි හැබැයි මම සහනයක් ඉල්ලුවා මොකද මේ සංචාරක ප්‍රවර්ධන කටයුත්තක් නිසා. මොකද අපි වගේම ඒ රටවල මිනිස්සුත් බයයි අපේ රටට එන්න. මොකද තවමත් රට ඇරලා නෑ. මේ pilot project එකට පමණයි අපි එන්න දෙන්නේ. එතකොට ඔවුන්ටත් තියෙනවා සැකයක්. ඒ වගේ අවස්ථාවක මේ වගේ ප්‍රමෝෂන් එකක් වෙන්න ඒ වගේ හෝටල් එකතු වුණා .

මේක ආණ්ඩුවේ ගජමිතුරු කැල පිනවන්න කරපු ව්‍යාපෘතියක් නෙවෙයි කියලා ඔබට පැහැදිලිව කියන්න පුළුවන්ද?

ආන්ඩුවේ කිසිම කෙනෙක් එක්ක මේ ගනුදෙනුව නැහැ මොකද මේ travel agentලට තමන්ටම බස් තියෙනවා. ඒ travel agent ලා අවුරුදු ගාණක් තිස්සෙ tour operators ලත් එක්ක වැඩ කරලා තියෙනවා. ආණ්ඩුව හැදුවේ ඒ පාලම හදලා විශ්වාසය ලබා දීලා ඒ අවශ්‍ය ලිඛිත දේවල් ගනුදෙනුව විතරයි.

උදයංග tourists board එක සම්පූර්ණයෙන් අමතක කරලා දාලා තනි ටුවර් එකක් විදියට මේක අතට අරං යන බවත් තමයි මේක පෙනෙන්නට තියෙන්නේ.

උදයංග වීරතුංග tourism promotion කරා දවස් 85ක්. ඒ කරලා තමයි විසි අට ගුණයකින් මම වැඩි කලේ. මම ඒ රුසියානු භාෂාව දන්න ඒ රුසියානුවන්ට අවශ්‍ය දේවල් දන්න, මගේ විශ්වාසය නිසා ආපු කෙනෙක්.

යුක්රේනය රට වහන්න කතා කරනවා. පාසල් වහලා මාර්තු ඉදන්. ලක්ෂ 11ක් ආසාදිතයෝ. ඔබ මේ රට අනතුරේ හෙලුවා නෙමෙයිද මේ?

අද දවසට 500ක් විතර ලංකාවෙන් කොවිඩ් ආසාදිතයෝ වාර්තා වෙද්දී ෆ්ලයිට් තුනකින් ඇවිල්ලා තුන්දෙනයි ආසාදිතයින් ලැබිලා තියෙන්නේ. අද අපේ රටේ කොවිඩ් හැදිලා තියෙන අයට අද අපි මොකද කරලා තියෙන්නේ කාමරේට දාලා වහලා තියෙනවා. අපිත් ඒකම තමයි කරන්නෙ. ඒවයේ හිටියොත් ඒගොල්ලො තනි කාමරයක ඉන්නවා.

මත්තලට back to back ෆ්ලයිට් ඔපරේෂන් එකක් කරන්නේ කරන්නෙ ලිස්ට් එකේ පලවෙනි වතාවට මේ. මත්තල ඇරපු දවස්වල ඉඳන් landing free. parking free. ඒක මේ යුක්‍රේන් වලින් උදයංග වීරතුංගගෙන් ගෙනාවා කියලා දීපු එකක් නෙවෙයි. අපි බලාපොරොත්තු වෙනවා සංචාරකයන් රැගෙන එන ගුවන් යානා මත්තලට ආවොත් පහසුයි කියන එක.

උදයංග වීරතුංග ගේන යුක්‍රේන කණ්ඩායමට එක නීතියකුත් ලක්ෂ ගානක් ශ්‍රී ලාංකිකයෝ ලංකාවට එන්න බලන් ඉන්නවා මේ අයට දවස් 14 නිරෝධායන PCR විවිධ හේතු. මම දැක්කා ලංකාවේ යුවතියක් දාලා තියනවා අපිට ලංකාවට එන්න සල්ලි නෑ මම දැන් ගණිකා වෘත්තියේ යෙදෙනවා ලංකාවට එන්න කියලා. මේ තත්ත්වය මත උදයංගගේ කණ්ඩායමට එක නීතියක්, අපේම අසරණ වෙච්ච අයට තව නීතියක්. මේක හරිද ? ජනාධිපතිවරයා කියල තියෙන්නෙ එක රටක් එක නීතියක් කියලා.

සංචාරකයෝ ගැන මම කතා කරන්නම්. අනිත් දේවල් මට අදාළ නැහැ. නමුත් සංචාරකයන් එන කාලය ම කාලයම ලාංකිකයින්ට ක්‍රමානුකූලව පිළිවෙලකට රැගෙන එනවා. නිරෝධායනය සංචාරකයන්ට දීලා තියෙන කාලයට දැනට අනුමත පරිදි අපි කරනවා ඒක උදයංග වීරතුංගගෙ අයට කියලා වෙනස් වෙලා නෑ. උදයංග වීරතුංග තමයි මේ අභියෝගය බාර අරගෙන රුසියානු සංචාරකයන් ගෙනාවෙ. මේක හොඳ ආරම්භයක්. මොකද ශ්‍රී ලන්කන් ගේන්න තීරණය කරලා තියෙනවා තවත් අය. සෘජුව හෝ වක්‍රව මේක ලැබෙන්නේ ශ්‍රී ලාංකික ජනතාවට.
උදයංග පොකුර ද කියන එක නෙමෙයි මම හිතන්නේ මේකට මෙච්චර බය වෙන්න ඕන නෑ.

ඉදිරි දවස් කීපය ඇතුළත කොයි ඇතුලට කොයිතරම් ප්‍රමාණයක් එයිද?

ෆ්ලයිට් 12ක් දැනට තහවුරුයි එකක 150ක් වගේ ඒවි.
දැනට ඇවිල්ලා තියනවා 575ක් විතර.

මොකක්ද මේ ව්‍යාපෘතියෙන් ඔබට තියෙන වාසිය?

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මම ලබන සතුට තමයි. සංචාරක ව්‍යාපාරයට මම ආදරෙයි.

Exit mobile version