රටින් පැනගත් පසු ජෙරොම් පාදිලිට එරෙහිව ගුවන් ගමන් තහනමක්!

තමන් දිවැසිවරයෙක් යැයි කියාගන්නා  දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව මෙම විදෙස් ගමන් තහනම පැනවූ බවයි.

ආගමික සහජීවනය පලුදු කරවන ආකාරයේ වෛරී ප්‍රකාශයක්  ජෙරොම් ප්‍රනාන්දු විසින් සිදුකිරීම  සම්බන්ධයෙන්  ජනාධිපතිවරයාගේ නියමය මත  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් ඩේලි මිරර් වාර්තා කර තිබුනේ මේ වනවිටත් ඔහු බිරිය සහ දරුවන් දෙදෙනා  රටිින් පිටව සිංගප්පූරුවට ගොස් වෙනත් ගමනාන්තයක් කරා ගමන් කරඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග හෙළි කළ බවය. වාර්තා වන පිරිදි ඔවුන් රටින් පිටවි ගොස් ඇත්තේ පෙරේදා (14) ය.


Exit mobile version