රටවල් 23ක තානාපතිවරු ජනපති හමුවෙති ! අර්බුදය ගැන කතා කරති

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන මූල්‍ය සහනය ට අදාල ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කටයුතු මෙම වසර අවසානය වනවිට අවසන් කර ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ විදේශ රටවල් 23ක තානාපතිවරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් අද හමුවූ අවස්ථාවේදීය.

අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී  පැවැති මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රි ලංකාවට ජය ගැනීමට අවශ්‍ය ලොකුම අභියෝගය අර්ථික අභියෝගය බවත් එ මතු පරපුර වෙනුවෙන් ජය ගැනීම සිය බලාපොරොත්තු වන බවයි.

ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණයට පාදක වන පැරිස් සමාජය නියෝජනය කරන රටවල්ද ඇතුළු රටවල් 23ක් නියෝජිතයන් ඊට සහභාගි වී ඇති අතර ඉන්දියාවේ තානාපති කාර්යාල පිහිටා ඇති විදේශ තානාපතිවරුන් කිහිප දෙනෙක් වීඩියෝ සම්මන්ත්‍රණ ඔස්සේ මෙම සාකචඡාවට සමබන්ධ වූහ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහිදී මහබැංකු අධිපතිවරයා මෙනම් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාද ශ්‍රි ලංකාව් වර්තමාන තත්ත්වය පිළිබඳව විදේශ තානාපතිවරුන් දැනුවත් කළ අතර ඔවුහු ශ්‍රි ලකාවට අර්බුදයෙන් මිදීම සහ ලබා දිය  හැකි සෑම සහයක්ම ලබා දෙන  බවට පොරොන්දු වී ඇත.

Exit mobile version