රටවල් දෙකේ ශක්ති නැව් දෙක ඔක්සිජන් අරන් හෙට කොළඹට!

කොවිඩ්-19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙනයන සටනට සහයෝගය දැක්වීම සඳහා ඉන්දීය නාවික හමුදාවේ ශක්ති නෞකාව ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ටොන් 100ක් (බහාලුම් 5ක්) රැගෙන විශාඛාපට්නම් සිට කොළඹ බලා ගමන් ඇරඹීය.

සමුද්‍ර සේතු – II ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම යටතේ ඉන්දීය නාවික හමුදා නෞකාව පිටත් කර එවන ලද්දේ කඩිනමින් ද්‍රව වෛද්‍ය ඔක්සිජන් සැපයීමට සහය ලබා දෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කරන ලද පෞද්ගලික ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙනි.

නෞකාව හෙට (22) වන දින කොළඹට ළඟා වීමට නියමිතය. ආසන්න වශයෙන් ඉන්දීය නාවික හමුදාවේ ශක්ති නෞකාව ගමන් ඇරඹූ වේලාවට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශක්ති නෞකාව ද ඔක්සිජන් ටොන් 40ක් රැගෙන චෙන්නායි සිට කොළඹ බලා ගමන් ඇරඹූ අතර එතුළින් පිළිඹිබු වූයේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ නාවික හමුදාවන් සහ වෙනත් විවිධ පාර්ශවකරුවන් අතර පවතින සහෝදරත්වය සහ සම්බන්ධීකරණය යි.


එය එකම අරමුණක් වෙනුවෙන් ශක්ති නෞකා දෙකක් ඉන්දියාවේ වරායන් දෙකකින් එකම
ගමනාන්තයක් බලා එකම වේලාවට ගමන් ඇරඹූ දුර්ලභ නිමේෂයක් බව ඉන්දීය තානාපති කාර්යාලය පවසයි.

මෙයට අමතරව තවත් ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ටොන් 140ක් හල්දියා සහ චෙන්නායි වරායන්හි සිට ලබන සතියේදී කොළඹට ළඟා වීමට නියමිතය.

සමුද්‍ර සේතු – II විවිධ රටවලට හදිසි ද්‍රව වෛද්‍ය ඔක්සිජන් සහ ඒ හා සම්බන්ධ වෙනත් වෛද්‍ය උපකරණ බහාලුම් සැපයීම සඳහා ඉන්දීය නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙහෙයුමකි. මෙවැනි ඉන්දීය නාවික හමුදා නෞකා හතක් මීට පෙර පිටත් කර යවා ඇත. පසුගිය වසරේදී සමුද්‍ර සේතු මෙහෙයුම යටතේ ඉන්දීය නාවික හමුදාවේ ජලශ්වා නෞකාව මගින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ අතරමංව සිටි ඉන්දීය සහ ශ්‍රී ලංකා පුරවැසියන් ඔවුන්ගේ
මව්රටවල් වලට යවන ලදී.

වසංගත සමය තුළ ඉන්දියාව ශ්‍රී ලංකාවට විවිධාකාරයෙන් ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය පරිදි සහයෝගය දක්වා ඇත. 2020 අප්‍රේල් – මැයි මාසයන්හිදි ඉන්දියාව විසින් අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් ටොන් 26කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලදී. 2020 ජූලි මාසයේදී ඉන්දියාව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු පහසුකමක් ලබා දෙන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2021 ජනවාරි මාසයේදී ඉන්දියාව විසින් පරිත්‍යාග කරන ලද පළමු එන්නත් තොගය සැලසුම් කළ කාල වකවානුවට පෙර එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව සලසා දුන්නේය.

Exit mobile version