සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටට වෙනසක් අවශ්‍ය වුනා වගේම දියවඩන නිලමේ ධූරයටත් දැන් වෙනසක් අවශ්‍යයයි… එකම පුද්ගලයෙකුට අවුරුදු 30ක් එකම තනතුරක් ලබා දීම සුදුසු නෑ… දමින්ද බණ්ඩාර උඩුරාවන නිලමේ පවසයි…

by editor
ඔක්තෝබර් 31, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජාලිය වීරක්කොඩි –

  • රටට,සමාජයට වැඩක් කරන්නට වසර 20 ක් හොඳටම ප්‍රමාණවත්. මට වැඩ කරන්න තවත් කාලය අවශ්‍යයයි කියලා කියනවා නම් එතනින් පැහැදිලි වෙන්නේ වැඩක් කරන්න වුවමනාවක් තිබිලා නැහැ කියන එක…

  • පසුගිය දශක දෙකේදී රටේ විධායක ජනාධිපතිවරු හය දෙනෙක් අතට බලය මාරු වුණා. ඒත් දියවඩන නිලමේ වෙනස් වුණේ නැහැ. වෙනසක් අවශ්‍යයයි කියන්නේ ඒ නිසා…

දශක දෙකකට පසු මෙවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරයේ වෙනසක් සිදුවන බව පස්ගම නාථ දේවාලයේ සහ මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ පවසයි.

එකම පුද්ගලයෙක් අඛන්ඩව තිස් වසරක් දියවඩන නිලමේ ධුරය හෙබවීම සුදුසු නොවන බවත් මේ වනවිට නව දියවඩන නිලමේ වරයෙකුගේ අවශ්‍යතාව පිළිබඳව මහා සංඝරත්නය, බස්නායක නිලමේවරු සහ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රටේ බහුතරයක් පිරිස අදහස් කර තිබෙන බවත් ඔහු කීය.

පස්ගමදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් දමින්ද බණ්ඩාර උඩුරාවණ බස්නායක නිලමේවරයා මෙසේද පැවසුවේය.

රටට,සමාජයට වැඩක් කරන්නට වසර 20 ක් හොඳටම ප්‍රමාණවත්. මට වැඩ කරන්න තවත් කාලය අවශ්‍යයයි කියලා කියනවා නම් එතනින් පැහැදිලි වෙන්නේ වැඩක් කරන්න වුවමනාවක් තිබිලා නැහැ කියන එකයි. මම දියවඩන නිලමේ ධුරයට ඉදිරිපත් වුණේ වැඩපිළිවෙළක් ඇතිවයි. කඩිනම්, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන ලෙස සැළසුමක් මේ වනවිටත් මා සකස්කර අවසන්. කඩිනම් වැඩපිළිවෙළ දියවඩන නිලමේ ලෙස පත්වූ මුල් සතියේදීම ආරම්භ කරනවා. පත්වෙලා සැළසුම් හදනවාට වඩා වැදගත් වෙන්නේ සැළසුමක් ඇතිව පත්වීමයි.

පසුගිය දශක දෙකේදී රටේ විධායක ජනාධිපතිවරු හය දෙනෙක් අතට බලය මාරු වුණා. ඒත් දියවඩන නිලමේ වෙනස් වුණේ නැහැ. රටේ පන්සල් 13000 ක් පමණ තිබෙනවා. මේ ඇතැම් පන්සල් වල වැසිකිළියක් නැහැ. ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කර ගනිමින් ජාතික, ආගමික හා ශාසනික සේවාවක් කළ යුතුයි. මේ රටේ බෞද්ධාගම ආරක්ෂා වෙන්නේ මහා සංඝරත්නය ආරක්ෂා වුණොත් පමණයි. ඒ සඳහා විහාරස්ථාන රැක ගන්නා වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි. මහ සංඝරත්නය වෙනුවෙන් දළදා මාලිගාවේ මූලිකත්වයෙන් අංග සම්පූර්ණ භික්ෂු රෝහලක් මහනුවර ස්ථාපිත කළ යුතුයි. මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ අවාවද අනුශාසනා ලබා ගනිමින් එය කඩිනම් වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කරනවා.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ථෙරවාදී බෞද්ධ දර්ශනය ජත්‍යන්තරය ගෙන යෑමේ මූලස්ථානය බවට දළදා මාලිගාව පත් කිරීම මගේ තවත් එක් ප්‍රධාන අරමුණක්. දළදා මාලිගාවේ මූල්‍ය කටයුතු වල විනිවිද භාවය සම්බන්ධයෙන් අද බරපතළ විවේචන එල්ල වෙනවා. මේ රටේ සෑම පුරවැසියෙකුටම අයිතියක් තිබෙනවා මේ මුදල් වලට මොනවද වෙන්නේ කියලා දැන ගන්න. පසුගිය ජනපතිවරණයේ දී මෙන්ම මහ මැතිවරණයේ දී මේ රටේ ජනතාව වෙනසක් අපේක්ෂා කළා. ඒ වගේම දියවඩන නිලමේ ධුරයේ ද වෙනසක් අපේක්ෂාවෙන් මේ රටේ බෞද්ධ ජනතාව පසුවෙනවා.

දෙස් විදෙස් බෞද්ධ ජනතාව දළදා වහන්සේ සලකන්නේ ජීවමාන බුදුන් වහන්සේ ලෙසයි. මහනුවර ඇසළ පෙරහර පිළිබඳව දෙස් විදෙස් බෞද්ධ මෙන්ම අබෞද්ධ ජනතාවගේ ද අවධානය යොමු වෙනවා. පෙරහර සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍යය හීලෑ අලි නොමැතිවීම දශක දෙකක පමණ කාලයක් තිස්සේ කතා කරන ප්‍රශ්නයක්. තාමත් ඒකට විසඳුමක් සොයා ගැනීමට නොහැකිවී තිබෙනවා. මේ විදිහට ගියොත් ඉදිරියේදී අලි නැතුව තමයි පෙරහර කරන්නේ වෙන්නේ. සතර මහා දේවාල මේ ප්‍රශ්නයෙන් අදත් පීඩා විඳිනවා.

දියවඩන නිලමේ ලෙස දළදා මාලිගාවේ පෙරහර පිළිබඳව පමණක් නොව සෙසු විහාර හා දේවාල ගැනත් අවධානය යොමු කරන්න ඕන. ඒ පෙරහර මංගල්‍යයන් සඳහා පහසුකම් සැපයීම ගිහි බෞද්ධයින්ගේ නායකයා ලෙස දියවඩන නිලමේවරයාගේ වගකීමක්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 ලීටරයක මිල  රුපියල් 05කින් අඩුවෙයි…

Next Post

නලින්ද ඇමති සහෝදරයා… අවුල ඔයාගෙ ද… නිලධාරීන්ගේ ද?… විනය පරීක්ෂණත් ඉවර නැති දූෂිත නිලධාරිනියක් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරට උසස් කරලා…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.