“රටට මෙහෙම වුණේ අපිව බලයෙන් පහ කළ නිසා” – පීටිඅයි සභාපති ඉම්රාන් ඛාන්

Imran Khan

රට මුහුණ දෙන දැවැන්ත ආර්ථික හා දේශපාලන අභියෝග හා අනාගතය පිළිබඳ ඇති අවිනිශ්චිතතාවයත් ඇති වූයේ සිය රජය පෙරළා දැමීමෛන් පසුව බවට ඉන්සාෆ් (පීටිඅයි) සභාපති ඉම්රාන් ඛාන්, හිටපු හමුදා ප්‍රධානී ජෙනරාල් ක්මාර් ජේව්ඩ් බජ්වාට චෝදනා එල්ල කරයි.

“එක් පුද්ගලයෙකුගේ තීරණය නිසා පීටීඅයි ප්‍රමුඛ රජය පෙරළා අර්බුදය ආරම්භ විය..” ඛාන් සඳහන් කරයි. පසුගියදා පැවැති ‘නීතියේ ආධිපත්‍යය’ සමුළුව අමතමින් මේ බව සඳහන් කළ සභාපතිවරයා ඕනෑම අර්බුදයකට ප්‍රජාතන්ත්‍රවාදී රජයක් වගකිව යුතු නමුත් අධිකාරිය පවතින්නේ සංස්ථාපිතයට යටත්ව බව පැවසීය. එවැනි විධි විධාන තවදුරටත් ක්‍රියාත්මක කළ නොහැකි යැයි ඔහු අනතුරු ඇඟවීය.

පාකිස්ථානයේ අගමැතිවරයා ලෙස කටයුතු කළ ඉම්රාන් ඛාන් විශ්වාසභංගයක් මගින් බලයෙන් පහ කරනු ලැබුවේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ජාතික සභාවේදී ය. සමුළුවේදී වැඩිදුරටත් අදහස් පළ කරමින්, ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කිසිදු සැලැස්මක් නොමැති බැවින් හවුල් ආන්ඩුව ආර්ථික අර්බුදයට මුහුණ දීමට අපොහොසත් වූ බව ඔහු පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“රටේ ඉතිහාසයේ කිසි දිනෙක පාකිස්තානය මේ දිනවල මුහුණ දෙන තරම් දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී නැහැ. රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය වළක්වා ගත හැක්කේ නීතියේ ආධිපත්‍යය තුළින් එය පාලනය කළහොත් පමණයි.. පකිස්තානය මේ වන විට මුහුණ දී සිටින ගැටලුවලට මුලික හේතුව වන්නේ එය දූෂිත පවුල් දෙකක් විසින් නීතිය උල්ලංඝණය කරමින් පවත්වාගෙන යාමයි…” පීටිඅයි සභාපති ඉම්රාන් ඛාන් වැඩිදුරටත් පැවසීය.

Exit mobile version