රටට  නුසුදුසුනම් කුමන පරීක්ෂණ කළත්  එය නුසුදුසුමයි…මේ බලපෑම් සදාචාරාත්මක නෑ… මහාචාර්ය බුද්ධි මාරඹේ…

buddhi-marambe

මහාචාර්ය බුද්ධි මාරඹේ

රටකට සුදුසු – නුසුදුසු දේ තීරණය කරනු ලබන්නේ ඒ රටේ වගකීම සහිත රාජ්‍ය ආයතන  බවත්, නුසුදුසුයැයි නිශ්චිතව තහවුරු කළ රටේ පොළවට, පරිසරයට මෙන්ම අනාගතයට බරපතල ව්‍යසනයක් සිදුකළ හැකි   ආනයනික පොහොරක්  රට තුළට ඇතුළු කිරීම සඳහා කරන වෙනත් පාර්ශවයක  බලපෑමක් පිළිගත නොහැකි බවත්        පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ ලංකාසරට පැවසීයි.

මහාචාර්යවරයා මේ බව පැවසුවේ මේ වනවිට චීන තානාපතිවරයා මහා නායක හිමිවරුන් බැහැ දැක  සිය   බලපෑම් කිරීමේ ස්වරූපය වෙනස් කරමින් ව්‍යාධි ජනක පොහොර තොගය ලංකාවට බාර ගැනීම සඳහා කෙරෙන බලකිරීම පිළිබඳව    කළ විමසුමට පිළිතුරු දෙමිනි.

මහාචාර්ය බුද්ධි මාරඹේ අප කළ විමසුමට පිළිතුරු දුන්නේ මෙසේය.

“ශාඛ නිරෝධායන මධ්‍යස්ථානය මගින් මෙම පොහොර පරීක්ෂාවට ලක් කරනු ලැබුයේ එම පොහොර ආනයනය මගින් මෙරටට ගෙන්විය හැකිද යන්න පිළිබඳ ස්ථිර නිගමනයක් ගැනීම සඳහායි.“


“අවස්ථා දෙකකදීම  කරන ලද පරීක්ෂණ වලින්  අදාල පොහොර  තොගයේ සාම්පලවල මෙරට භූමියට, ශාඛ සත්ව ප්‍රජාවට මෙන්ම පොදුවේ මේ රටේ අනාගතයට නුසුදුසු අහිතකර,  ව්‍යාධි ජනක ක්ෂුද්‍රජීවීන්  සිටින බවට තහවුරු වුනා.

ඒ අනුව මේ පොහොර තොගය රටට නුදුසුදු බවට රටේ රාජ්‍ය ආයතනයක් මගින් රටේ අභිවෘද්ධිය සඳහා තීරණයක්  ගත්තා.

මේ පොහොර තොගය චීනයේ හෝ වෙනත් රටක විය හැකියි. නමුත් අපේ රටට ඕනෑම ආනයනික ද්‍රව්‍යයක් ගෙනෙනවා නම්   එය  සුදුසු ද නැද්ද යන්න පිළිබඳ  නිශ්චිත හා අනුලංඝණීය  වගකීම ශ්‍රී ලංකාව සුතුයි. එය කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකියි. සදාචාර සම්පන්න ලෝකයේ සම්ප්‍රදාය එයයි.

එවන් පසුබිමක් මත ඕනෑම පුද්ගලයෙකුගේ මැදිහත් වීමෙන් රටේ වගකිවයුතු ආගමික නායකයින් හරහා නැවත ඒ පිළිබඳව  වෙනත් මානයකින් බලපෑම් කිරීමට ප්‍රවේශවීම  නැවතත් අනවශ්‍ය අර්බුදයකට මුල පිරීමක්.

මේ අවස්ථාවේ දී රාජ්‍ය ආයතනයක තීරණයක් අවතක්සේරු කිරීමට බලධාරීන් හෝ දේශපාලඥයින් හෝ වෙනත් ඕනෑම පාර්ශවයක් කටයුතු කරන්නේ නම්  එය බරපතල තත්වයක් නිර්මාණය කරනවා.

ඔබ යළිත් තේරුම් ගත යුතුයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රටට  නුසුදුසුනම් කුමණ පාර්ශවයක් විසින් පරීක්ෂා කරනු ලැබූවත්   එය රටට නුසුදුසුමයි.  සියලු දෙනා එය නිශ්චිතව අවබෝධ කරගන්නේ නම්  රටට යහපතක් සිදුවේවි.

Exit mobile version