රටට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා කොවිඩ් එන්නත් ලැබිලා… ලක්ෂ 20ක අතිරික්තයක් ගබඩාවල…

වසංගත රෝග විද්‍යා අංශය කියයි...

coronavirus-vaccines

රටට අවශ්‍ය එන්නත් මාත්‍රා ප්‍රමාණයන්ට වඩා වැඩි එන්නත් ප්‍රමාණයක්  අප රටට ලැබී ඇති බැවින් සියලුම දිස්ත්‍රික්කයන්ට හිගයකින් තොරව මේ වන විට එන්නත් බෙදා හැර ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මෙ වන විට දිස්ත්‍රික් 26  පුරා එන්නත් මිලියන මාත්‍රා 1.2 වඩා  බෙදා හැර ඇති බැවින්  කිසිදු දිස්ත්‍රික්කයකට එන්නත්වල හිගයක් නොමැති බවද හෙතෙමෙ පෙන්වාදේ

අප රට තුළ වයස අවුරුදු 20ට වැඩි පුද්ගලයින් සිටිනුයේ මිලියන 14.5ක් වන අතර ඔවුන් සඳහා වැය වන්නේ එන්නත් මාත්‍රා මිලියන 29 වුවද අපට මේ වන විට එන්නත් මාත්‍රා 31ක ප්‍රමාණයක් ලැබී ඇති බවත් තවත්   අතිරික්ත එන්නත මාත්‍රා මිලියන 2ක ප්‍රමාණයක් ද වසංගත රෝග අංශයේ ගබඩා තුළ පවතින බවත් වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ  පෙන්වාදේ.


සියලුම දිස්ත්‍රික්කයන්ට එන්නත ලබාදී ඇති බැවින් වයස අවුරුදු 20 – 30 අතර කණ්ඩායම් වහාම තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නාලධාරීන් කාර්යාලයන් වෙත ගොස් හෝ එන්නත ලබා දෙන ස්ථානයන් වෙත ගොස් වහාම එන්නත ලබා ගැනීටම කටයුතු කරන්නැයිද වෛද්‍ය සමිත   තරුණ කණ්ඩායම්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

මෙතෙක් සිදු වූ කොවිඩ් මරණ අතර  අවුරුදු 20 – 30 වයසේ පසුවන පුද්ගලයින් 96 දෙනෙකු සිටින බැවින් වහාම එන්නත ලබා ගැනීමට කටයුතු කරන්නැයිද හෙතෙම ඉල්ලා සිටියි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම අවුරුදු 30ට අඩු පුද්ගලයින් 150ක් දෙනා කොවිඩ් වයිරසය ආසාදනය වී මේ වන විට මිය ගොස් ඇතැයිද වෛද්‍ය ගිනිගේ  කියයි. 

 

Exit mobile version