රටටම බෙහෙත් බෙදන වෛද්‍ය සැපයුම් ඒකකයේ පහකට කොවිඩ්

සෞඛ්‍ය අමාත්‍යාංශය පරිශ්‍රයේ පිහිටි දිවයින පුරා රෝහල්වලට ඖෂධ බෙදාහැරීම් කටයුතු සිදුවන වෛද්‍ය සැපයුම් අංශයේ සේවකයන් පස් දෙනකු කොවිඩ්-19 ආසාදිතයන් බවට වාර්තා වී ඇති අතර මේ වනවිට මෙම අංශයේ කටයුතු සීමා කොට ඇති බව වාර්තා වෙයි.

දිවයින පුරා රෝහල්වලට ඖෂධ බෙදාහැරීම සිදු වන මෙම ස්ථානයට රට පුරා සෑම රෝහලකින්ම ලොරි රථ විශාල ප්‍රමාණයක් දිනපතා පැමිණෙන අතර අද උදෑසන සිට මෙම ලොරි රථ ඇතුළු කර ගැනීම සීමා කිරීමකට ලක් කොට ඇත.

එහි ආසාදිතයන් බවට ලත් වූ සේවකයන් අවදානම් කලාපවල සිට රාජකාරියට පැමිණි පුද්ගලයන් වන අතර ඔවුන් තුළ රෝග ලක්ෂණ පෙන්නුම් කළ නිසා පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කොට ඇත.


අමාත්‍යංශ ආරංචි මාර්ගවලයට අනුව මෙයින් ඇතැම් සේවකයන් පසුගි සිකුරාදා වන තෙක්ම රාජකරියටද පැමිණ ඇත.

මේ තත්ත්වය අනුව ඔවුන්ගේ පළමු සහ දෙවන පෙළ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කිරීමට අදාල පියවර ගෙන ඇති අතර මෙම ඖෂධ ගබඩාවෙන් රට පුරා රෝහල්වලට ඖෂධ යැවෙන බැවින් එම ඖෂධ එම රෝහල්වල පරිහරණය කළ සෞඛ්‍ය සේවකයන් සම්බන්ධයෙන් සහ එම ඖෂධ පරිහරණය කිරීම කිරීමේදීද කළ යුතු පියවර සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමු වී ඇතැයි අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාසරට ප්‍රකාශ කළේය.

දැනටමත් තත්ත්වය මත ඖෂධ බෙදාහැරීමේ කටයුතු තාවකාලිකව සීමා කර ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයට ද බාහිර පුද්ගලයන් ඇතුළත් කර ගැනීම සම්පූර්ණයෙන්ම පාහේ සීමා කොට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය කාලසීමාවේදී ඖෂධ ගබඩා ඒකකය සමග සම්බන්ධතා පැවැත්වූ ප්‍රාදේශීය රෝහල් සේවක යන්න සැක සහිත රෝග ලක්ෂණ පවතින්නේ නම් තමාගේ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීම වැදගත් බව ලංකාසරට කරුණු දැක්වූ අමාත්‍යංශ නිලධාරියා පැවසීය.

Exit mobile version