රටටම ඇත්තේ දැඩි සත්කාර ඒකක ඇඳන් 25යි… එක්ස්මෝ යන්ත්‍ර 01යි…

Minister of Health and Dr. Neville Fernando being treated in 2 out of 25 beds ....

Medical staff of the Intensive Care Unit of the Casalpalocco COVID-19 Clinic in the outskirts of Rome tend to patients, Wednesday, March 25, 2020. The new coronavirus causes mild or moderate symptoms for most people, but for some, especially older adults and people with existing health problems, it can cause more severe illness or death. (AP Photo/Domenico Stinellis)

කාලයක් තිස්සේ   පිලිගත් වෘත්තිකයින් විසින් පෙන්වා දුන් ආකාරයට රටේ රෝහල් පද්ධතිය විනාශ නොකර විශේෂ කොවිඩ් ප්‍රතිකාර රෝහලක් බවට පරිවර්තනය කරගත හැකි මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්බන්ධව තීන්දුවක් නොගත් සෞඛ්‍ය ඇමතිනිය මෙන්ම එම රෝහල හිමිකරු අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳන් දෙකක මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටිති.

රටේ බරපතලම ජීවිත අර්බුදය බවට පත් වී ඇති කොවිඩ් වසංගතයට මුහුණ දීම සඳහා ලංකාවටම ඇත්තේ දැඩි සත්කාර ඒකක හා විශේෂ ප්‍රතිකාර ඒකකවල ඇඳන් 24ක් පමණක් බවත්, එක එක්මෝ (EKMO) යන්ත්‍රයක් පමණක් බවත් සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

දැනට මියගොස් ඇති කොවිඩ් ආසාදිත රෝගීන් 320න් අති මහත් බහුතරය මියගොස් ඇත්තේ කොවිඩ් නිව්මෝනායව  උත්සන්න වීමෙන් වුවත් නිව්මෝනියා රෝගය උත්සන්න වී ඔක්සිජන් හුවමාරුව ඇණහිටින රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට භාවිතා කරන එක්මෝ යන්ත්‍ර  එකක් පමණක් ලංකාවට තිබීම සම්බන්ධව බරපතල ගැටලුවක් මතු වී තිබේ.


දැනට කොවිඩ් ප්‍රතිකාර සඳහා ලංකාව පුරා භාවිතා කරන දැඩි සත්කාර ඒකක සහ විශේෂ ප්‍රතිකාර ඒකකවල ඇඳන් ඇති අකාරය පහත දැක්වේ.

මේ සෑම දැඩි සත්කාර ඒකකයම ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් ඇඳන් සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් පණ අදිමින් සිටින වග වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට මෙම දැඩි සත්කාර ඒකක ඇඳන් දෙකක ප්‍රතිකාර ලබමින් ඉන්නේ රටේ සෞඛ්‍ය ඇමතිනිය හා කොවිඩ් ප්‍රතිකාර සඳහා ලබා ගත හැකි ඉහළම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කළ හැකි රෝහල ලෙස වෘත්තිකයින් පෙන්වා දෙන මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකාර වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුය.

Exit mobile version