බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජරට සරසවියේ උප කුලපති පත් කිරීම ගැන අගමැතිනිය පාර්ලිමේන්තුවට අමු බොරු කිව්වා… දයාසිරි වරප්‍රසාද කඩවීමකට යයි!

රටේ අගමැතිනිය පාර්ලිමේන්තුවට බොරු කියා පාර්ලිමේන්තුව නොමග යැවීම බරපතල ප්‍රශ්නයක්... දයාසිරිගෙන් හරිනිට චෝදනා....

by editor
මාර්තු 1, 2025
in පුවත්
DAYA
Share on FacebookShare on Twitter

රජරට විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා පත් කිරීම සම්බන්ධව තමන් විසින් 2025.02 27 වැනි දින තමන් විසින් ඇසූ 27/2 ප්‍රශ්නයේ දෙවැනි අතුරු ප්‍රශ්නයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අමූලික බොරු පිළිතුරක් ලබා දී ඇති බවත්, එසේ බොරු පිළිතුරු ලබා දෙමින් තමාගේ වරප්‍රසාද කඩ කර ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර අද පාර්ලිමේන්තුවට දන්වා සිටියේය.

ඔහු පෙන්වා දුන්නේ ර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස ඇසූ ප්‍රශ්නයකට අසත්‍ය පිළිතුරු ලබාදීම පාර්ලිමේන්තුව නොමග යැවීමක් මෙන්ම මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බවය.

ඔහු අවධාරණය කළේ බොරු පිළිතුරක් ලබා දී වරප්‍රසාද උල්ලංඝනය කරන්නේ රටේ අග්‍රාමාත්‍යවරිය වීම බරපතල තත්ත්වයක් බවය.

2024 වසරේ රජරට විශ්වවිද්‍යාලයේ උප කුලපති තනතුර වෙනුවෙන් එහි පාලක සභා තීරණය අනුව මහාචාර්ය ගිනිගද්දර , ආචාර්ය රාජපක්ෂ සහ මහාචාර්ය පර්සි විජේවර්ධන යන අය නම් කර ඇති බවත්, ඒ වෙනුවට නැවත පාලක සභාවක් පත් කර නැවතක සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වූයේ කුමක් නිසාදැයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එදා අගමැතිනියගෙන් විමසුවේය.

ඇය ප්‍රකාශ කර තිබුණේ එම නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ප්‍රතික්ෂේප කර ඇති බැවින් නැවත තෝරා ගැනීම සිදුකිරීමට සිදු වී ඇති බවය.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

මන්ත්‍රීවරයා අවධාරණය කළේ මේ තොරතුරු ඉතාම සාවද්‍ය බවය. අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළේ බොරු තොරතුරු බව ඔප්පු කිරීමට මන්ත්‍රීවරයා විසින් ලිපියක් සභාගත කර හැන්සාඩ්ගත කළේය. එම ලිපිය 2025/01/06 දින විශ්වවිද්‍යා ප්‍රතිපාදන කොමිසමේ ලේකම් ආචාර්ය ප්‍රියන්ත ප්‍රේමකුමාර රජරට විශ්වවිද්‍යාලේ ලේඛකාධිකාරී වෙත යැවූ ලිපිය ය.

ඉන් කියැවුනේ ජනාධිපතිවරයා ගේ නිමය පරිදි මෙම අයදුම්පත් ප්‍රතික්ෂේප කර නැවත අයදුම්පත් කැඳවීම සිදුකිරීමට ජනාධිපති ලේකම්වරයා තමන්ට උපදෙස් ලබා දී ඇති බවය.

” එම ලිපිය පැහැදිලිවම පෙනී යනවා 2025 ජනවාරි 06 වැනිදා ජනාධිපති ලේකම් තුමා විසින් දැනුම් දෙනවා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් තුමාට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට දැනුම් දෙන්න කියලා නැවත අයදුම්පත් කැඳවීමක් කරන්න කියලා.”

“එම ලිපියේ අන්තර්ගත කරුණු අනුව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලබා දුන් උපදෙස් අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නැවත මෙම රජරට විශ්වවිද්‍යාලයේ උප කුලපති ධූරය සඳහා අයදුම්පත් කැඳවීමේ ක්‍රියාවලිය ආරම්භ කර සුදුසු නාම යෝජනා නැවත එවන ලෙස දැනුම් දී ඇති තහවුරු වෙනවා. ”

“ඒ අනුව ගරු අග්‍රමාත්‍ය තුමිය මෙම සභාවට පැහැදිලි කළ පරිදි කලින් ඉදිරිපත් කළ නම් තුන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ප්‍රතික්ෂේප කළ බව කීම අතිශයින්ම සාවද්‍යයයි.” මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

සාමාන්‍යයන් සිදුවන කාර්ය භාර්ය වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට යම් කිසි පාලන සභාවක් නම් කර නම් තුනක් එවූ පසු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම එක් නමක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීමය.

එම නම්වල යම් නොගැලපීමක් ඇතිනම් අදාල පාලක සභාවට නම් තුන නැවත යොමු කරනු ලබයි.

නමුත් ඉහත ඉදිරිපත් කර ලිපිය අනුව ඉතාම පැහැදිලිව මෙම නැවත සම්මුඛ පරීක්ෂණ කැඳවීමට උපදෙස් දෙනු ලබන්නේ ජනාධිපති නිර්දේශ මත ජනාධිපති ලේකම්වරයා විසින් බව මන්ත්‍රීවරයා හෙළි කළේය.

“විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිරීක්ෂකයෙක් මෙම පාලක සභාවේ උප කුලපතිවරයා තේරීමේ වැඩපිළිවෙළට ඉදිරිපත් වෙනවා. මේ ලකුණු දෙන ක්‍රමය වෙනස් වෙලා නෑ. මේක ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ ජනාධිපති ලේකම්වරයා විසින්. ”

“පාලක සභාවේ ලිපිය විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ප්‍රතික්ෂේප කර ඇතිනම්, එවැනි ලිපියක් තිබේ නම් එය සභාවට ඉදිරිපත් කරන්න කියලා මම එතුමියගෙන් ඉල්ලා සිටින්න කැමතියි.”

“මෙම ආණ්ඩුව පත්වීමෙන් අනතුරුව වාචික පිළිතුරු වලට මීට පෙර බලශක්ති ඇමතිතුමා ලබා දුන් වැරදි තොරතුරු පිළිබඳව මා වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කරනු ලැබුවා.”

“මේ කරුණ ඉතාම බරපතල වන්නේ අග්‍රාමාත්‍යතුමිය ද මෙවැනි අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමයි. ” මන්ත්‍රීවරයා සිය වරප්‍රසාද ප්‍රශ්ය මතුකරමින් කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වරප්‍රසාද නැති වූ රනිල්ගේ වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් ද්වේශයෙන් නගන කෙඳිරියට හසුවන්න එපා… සෞඛ්‍ය ඇමති හෙදියන්ට කියයි!

Next Post

කිසිම වෙලාවක බොරු කිව්වේ නෑ… රජරට උපකුලපතිට වෙච්චි දේ අගමැතිනිය හෙළි කරයි!

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.