රජයේ රෝහල්වල සායනයන්ගෙන් ප්‍රතිකාර ගන්නා අයට තැපැල් මගින් ඖෂධ

medicine

රජයේ රෝහල්වල සායනයන්ගෙන්  ඖෂධ ලබා ගන්නා පුද්ගලයින්ට තැපැල් මගින් අවශ්‍ය ඖෂධ මාසයකට හෝ මාස දෙකකට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

මේ අනුව තමන් ප්‍රතිකාර ලබා ගන්නා රෝහලේ  බෝනොවන රෝග සායනයන්වෙත දුරකථනයෙන් කථාකර තමන්ගේ නිවසේ ලිපිනය ලබා දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝනොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ   ජනතාවට දැනුම් දී සිටියි. 

මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් 0720720720  හා 0720606060 යන දුරකථන අංකයට කථා කර ලබා ගත හැකි බව ඇය සඳහන් කර සිටියි.


තැපැල් මගින් ඖෂධ ලබා දීමේදී මාසෙන් මාසයට වෙන වෙනම පාර්සල් රෝගීන් වෙත  ලබා දීමට කටයුතු කරන බවද ඇය පවසා සිටියි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජයේ රෝහල්වල සායනයන් මේ දිනවල නොපවැත්වෙන බැවින් හා සංචරණ සීමාවන් පනවා ඇති බැවින් සායන්ට නිකුත් කිරීමට නියමිත ඖෂධ විශාල වශයෙන් ගොඩගැසී ඇතිබැවින් මෙම පියවර ගෙන ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 

Exit mobile version