අංශ ප්‍රධානියෙක් හා සේවකයන් සිවු දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වීම හේතුවෙන් රජයේ මුද්‍රණාලයේ පොත් මුද්‍රණ නිමැවුම් අංශය අද (28) උදෑසන විට වසා දැමූ බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගා කල්පනී ලියනගේ පැවසුවාය.
ආසාදිත දේවකයන් සිවු දෙනාගේ ලඟම ආශ්‍රිතයන් වූ සේවකයන් 29 දෙනෙක් නිරෝධායනය සඳහා යොමු කළ බව ඇය කීවාය.
මෙම ආසාදිතයන් හමුවීමෙන් පසුව රජයේ මුද්‍රණාල පරිශ්‍රය සම්පූර්ණයෙන් විෂබීජ හරණය කළ බව ද ඇය කීවාය.