රජයේ නිරෝධායන පිළිවෙත වෙනස් වෙයි.

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ප්‍රතිකාර කාලය දින 10යි

කීර්ති ප්‍රනාන්දු –

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය  ප්‍රතිකාර ගන්නා කොවිඩ් ආසාදිතයෙකුගේ ප්‍රතිකාර කාලය දින 14 සිට දින 10 තෙක් අඩු කිරීමට චක්‍රලේඛයක් මගින් රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව ඉතිරි දින 04ක කාලය නිවෙස්වල නිරෝධායනයට රෝගීන් යොමු කරන බව සෞඛ්‍ය අංශ පවසයි. දැනට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇති අධික තදබදය වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් නිවෙස්වල සිටින කොවිඩ් ආසාදිතයන් 180 හෙට උදෑසන වනවිට ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කරගත හැකි වෙතැයි ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ විශ්වාස කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් ඔවුන් පෙන්වා දෙන්නේ මේ රෝගීන් 180න් කොටසක් මේ වනවිටත් දින 09ක් පමණ නිවෙස්වල සිට ඇති බවයි.

Exit mobile version