පාස්කු ප්‍රහාරය සම්බන්ධව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති කොමිෂන් සභා වාර්තාවේ සියලු දේ ජනතාවට ඉදරිපත් කළ නොහැකි බව පරිසර ඇමති මහින්ද අමරවීර ඊයේ (21) මාධ්‍යයට අදහස් ප්‍රකාශ කරමින් පැවසුවේය. මේ අතර ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ සිද්ධියක් පිළිබඳ සම්මත ක්‍රමවේදයක් තුළ පුළුල් ලෙස සාකච්ඡාවෙන් සම්මුතියෙන් කටයුතු කරමින් යන විට අකුල ගන්නවා වැනි කතා කීම පුදුම සහගත බවය.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉකුත්දා අමාත්‍යවරුන් 06 දෙනෙකුගෙක් යුත් කමිටුවක් පත්කරනු ලැබීමත් ඊට එරෙහිව මීගමුව කටුවාපිටිය සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානය ඉදිරිපිට පැවති විරෝධතා ස්ථානයට පැමිණි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාන් මෙම කමිටුවට එරෙහිව ප්‍රකාශයක් නිකුත් කිරීමත් සමග ඇමතිවරු මේ ප්‍රකාශ කර තිබිණි.
අමාත්‍ය මහින්ද අමරවීර කීවේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවේ කැබිනට් ඇමතිවරුන්ගෙන් සමන්විත කමිටුවක් බවත්, ඒ කමිටුවේ නීතිඥ මහත්වරුන්ද සිටින බවත් ඔවුන්ට මේ වාර්තාව පිළිබඳ කටයුතු කරගෙන යෑමට හැකියාව ඇති බවත්ය.
මේ අතර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කීවේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාව අධ්‍යනය කිරීමෙන් පසු ඊට අදාල සුදුසු පියවර ගැනීමට ආණ්ඩුව සූදානම් බවය. පුළුල් ලෙස සාකච්ඡාවෙන් සම්මුතියෙන් කටයුතු කරමින් යන විට අකුල ගන්නවා වැනි කතා කීම පුදුම සහගත බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ ( 21) නුවරදී පැවසුවේය.
ඔහු වැඩිදුරටත් මෙසේ ද පැවසුවේය.
“ සාමාන්‍ය සම්ප්රදාය එහෙම දෙයක් උනාම කැබිනට් අනු කමිටුවක් හරහා ඉදිරියට කටයුතු කරගෙන . එයයි මේ සිදුවන්නේ. එම සම්ප්‍රදායෙ යම් අඩුවක් තියනවා නම් අපිට ඒක සාකච්ඡා කරන්න පුලුවන්. අපි සාකච්ඡාවෙන් සම්මුතියෙන් කටයුතු කරන රජයක්. ඒකාධිපති ස්වරූපයෙන් අපට ඕන ආකාරයට, කාගෙවත් අදහස්වලට ගරු නොකරමින් කටයුතු කරන රජයක් නෙමෙයි අපි. අපි එහෙම කරනකොට කියනවා අකුලගත්තා කියලා. ඉතින් මේක හරි පුදුම කතාවක්නෙ.
අපට අපේ මතයක් තියනවා. අපේ මතය ක්‍රියාත්මක කරන්න පුලුවන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයත් ජන වරමක් තියනවා. ඒත් ජනතාවාදී රජයක් ලෙස අපි පුලුල් වූ සංවාදයකට යනවා. සංවාදයක දී අදහස් වෙනස් වෙන්න පුලුවන්. මේ සංවාදය තුළ ඔවුන්ගේ අදහස් ඉදිරිපත් වෙනව. ඒ අදහස්වලට ගරු කරනකොට කියනවා අන්න අකුලගත්තා කියලා. මේක හරි විහිලු කතාවක්.
අපි පුලුල් වූ සංවාදයක් තුළ රාජ්‍ය පාලනය ප්‍රතිපත්තිමය හැටියට කරගෙන යනවිට එයට විවිධ කතන්දර කියනවා. ඒ සම්බන්ධව සැලෙන්නෙ නෑ. අවශ්‍ය කටයුතු ඉදිරියට කරගෙන යනවා. “
.