යොහානි අප දෙරටේ නවතම සංස්කෘතික තානාපතිනියයි –  ඉන්දීය මහකොමසාරිස් කියයි…

ගායන ශිල්පිනී යොහානි ද සිල්වාගේ මැණිකේ මගේ හිතේ ගීතය ඉන්දියාවේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා වූ මිලියන ගණනක හදවත් සොරාගෙන ඇති බවත්,  ඇය  ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නවතම සංස්කෘතික තානාපතිනිය වී ඇති බවත් ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස්වරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

ඔහු මෙම ට්විටර් පණිවුඩය නිකුත් කරන්නේ පසුගිය 18 දා සවසය.

යොහානි ද සිල්වා පසුගියදා ඉන්දියාවේ එන්ඩීටීවී (NDTV) ඇතුළු රූපවාහිනි නාළිකාවන් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් සතුට පළකරමින් ඔහු එසේ පවසයි.


එම ට්විටර් පණිවුඩයේ මෙසේ දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“නවතම සංස්කෘතික තානාපතිනි යොහානි ද සිල්වා ඉන්දියාවේ ජාතික රූපවාහිනි නාළිකාවන් හි පෙනී සිටීම අභිමානවත් මොහොතකි. මිලියන 110කට වැඩි යූ ටියුබ් නැරඹුම් වාර හිමි කරගත් ඇයගේ ‘ මැණිකේ මගේ හිතේ’ ගීතය ඉන්දියාවේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා මිලියන ගණනකගේ හදවත් සොරාගෙන ඇත. වසර දහස් ගණනක් පැරණි ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවයේ සැබෑ මිහිර සහ ගැඹුර මෙයින් පිළිබිඹු වේ.“

Exit mobile version