යුරෝපා සංගමය ලංකාවේ හදිසි නීතිය ගැන කණස්සල්ලෙන්… සමීපව නිරීක්ෂණය කරන බව දන්වා සිටී….

හදිසි නීතිය බල රහිත කරන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් ජනපතිගෙන් ඉල්ලයි....

ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කර ඇති හදිසි නීතිය ගැන තමන් කණස්සල්ලට පත්වන බව යුරෝපා සංගමය පවසයි…

සාමකාමී විය යුතු නිදහස් රැස්වීමේ අයිතිය සහ විසම්මුතිය ඇතුළු සියලුම පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරක්ෂිත කරන ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටින බව ද යුරෝපා සංගමය  කියයි.

 

ටුවිටර් පනිවිඩයක් නිකුත් කරමින් යුරෝපා සංගමය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ හදිසි නීතිය ගැන කනස්සල්ලට පත්ව සිටින බවයි.


ශ්‍රී ලාංකීය ජනතාව මුහුණ පා සිටින අභියෝගාත්මක තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවද යුරෝපා සංගමය ප්‍රකාශ කරයි.

මේ අතර  ජනාධිපතිවරයා විසින් අප්‍රේල් පළමුවෙනිදා සිට බලාත්මක කළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නිතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් විශේෂ ලිඛිත ඉල්ලීමක් සිදුකර තිබේ.

එම සංගමයේ සභාපති   සාලිය පීරිස් සහ ලේකම්  ඉසුරු බාලපටබැඳීගේ අත්සනින් නිකුත් කළ එම ලිපියෙන්  වැඩිදුරතට  ඉල්ලා ඇත්තේ ජනතාවගේ මූලික අයිතීන්වන සමාකමී රැස්වීම් සහ අදහස් පල කිරීමේ  නිදහස සුරක්ෂිත කරන ලෙසය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම රටේ වත්මන් ගැටලුවලට විසඳුමක් නොවන බව ද  ශ්‍රී ලංකා නිතිඥ  සංගමය ජනාධිපතිවරයාට අවධාරණයෙන් යතුව දන්වා ඇත.

Exit mobile version