යුද ස්මාරකය කඩා දැමීමට එරෙහිව හෙට උතුරු නැගෙනහිර පූර්ණ හර්තාලයක්…

දිනසේන රතුගමගේ –

උතුරු නැගෙනගිර පළාත් වල 11 වෙනිදා පූර්ණ වශයෙන් හර්තාලයක් දියත් කොට ඇති බව දෙමළ ජාතික සන්ධානය හා යාපනය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.

යාපනය විශ්ව විද්‍යාල භූමියේ පිහිටුවා තිබූ  යුද්ධයේදී මියගිය පිරිස සමරණ ස්මාරකය කඩා බිද දැමීමට විරෝධය පල කිරීම සඳහා මේ හර්තාලය දියත් කොට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හර්තාලය  පවත්නා දිනයේදී  වෙළඳසැල් වසා දමන ලෙසත්  ගමනා ගමන කටයුතු නවතා දමන ලෙසත් නිවේදනය කොට ඇති අතර තම සටනට  සහය පලකිරීම සදහා එදිනට රජයේ කාර්යාල හා බැංකු වසා දමන ලෙසටද ඉල්ලීමක් කොට තිබේ.


Exit mobile version