යුද සමයේ දී අතුරුදන් වූ බව කියා ජීවත්වන සහෝදරයා වෙනුවෙන් ආධාර අරන්….

කිළිනොච්චියේ ගුරුවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි...

දිනසේන රතුගමගේ –

තම සහෝදරයා යුද සමයේදී අතුරුදහන් වූ බව කියමින් විවිධ ආධාර ලබාගත්  කිළිනොච්චියේ පාසල් ගුරුවරයෙකුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය ඔහුව කොළඹට කැදවා තිබේ.

පොලීසියට ලැබී තොරතුරු වලට අනුව ඔහු යුද්ධයේදී මියගොස් නොමැත.

ඔහු කිසියම් පළාතක හෝ විදේශ රටක සිට යම් යම් ක්‍රියාවන්ට සම්බන්ධ බවට තොරතුරු ලැබීමෙන් පසුව අදාල ගුරුවරයාව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා කැදවා තිබේ.


සින්නරාසා සිවේන්ද්‍රන් නැමති මෙම ගුරුවරයාට මාර්තු මස 4 වෙනිදා ත්‍රස්ත මර්දන ඒකකයේ පෙනී සිටින ලෙස දැණුම් දී ඇතත් ඔහු සාමාන්‍ය පෙළ විභාග කටයුතු වලට පෙනී සිටින නිසා එම දිනයට කොළඹට පැමිණීමට නොහැකි බව පවසා කිළිනොච්චිය පොලීසියේදී ප්‍රකාශය සටහන් කර ගැනීමට  අවස්ථාවක් ඉල්ලා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප වීම නිසා ඔහුව මේ මස 18 වෙනිදාට එම ප්‍රකාශය ලබා ගැනීම සදහා කැදවා තිබේ.

 

Exit mobile version