යුද සමයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් ටී.එන්.ඒ.ට එරෙහි විරෝධතාවයක

දිනසේන රතුගමගේ:

දෙමළ ජාතික සන්ධානය විසින් මෙවර ඉදිරිපත් කරණ ලද මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට හා යුරෝපා සංගමයට එරෙහිව යුද සමයේදී අතුරුදහන්වූවන්ගේ ඥාතීන් 21 දා වවුනියාව නගරයේදී විරෝධතාවයක් පැවැත්වූහ.

ඔවුන් කියා සිටියේ තම සංගමය යුද සමයේදී අතුරුදහන් වූවන් සොයා දෙන ලෙස හෝ ඔවුන්ට සාධාරණයක් ඉටුකොට දෙන ලෙස ඉල්ලා මේ වන විට දින 1250 ක කාලයක් විරෝධතාවයක නිරත වූවත් දෙමළ ජාතික සන්ධානය මෙවර ඔවුන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අතුරුදහන් වූවන් ගැන කිසිවක් සදහන් කොට නොමැති බවයි.


යුරෝපා සංගමය හා ජිනීවා මානව හිමිකම් මණ්ඩලයද මෙම අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබදව සොයා බලන බවට පොරොන්දු වූවත් ඔවුන්ද මේ ප්‍රශ්නයෙන් මගහැර ගොස් ඇති නිසා මේ අවස්ථාවේදී ඔවුන් වෙතද සිය විරෝධය පල කරණ බව අතුරුදහන් වූවන්ගේ සංගමයේ සභාපතිනී කේ.ජෙයවනිතා මහත්මිය පැවසුවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙමළ ජාතික සන්ධානය මෙවරද ඔවුන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කොට ඇත්තේ දකුණේ සිංහල ජනතාව හා රජය සතුටු කරවීමේ අරමුණින් බව කියා සිටි සභාපතිනිය ඒ තුළින් ඔවුන් වාසි හා වරප්‍රසාද ලබා ගන්නා බවද කියා සිටියේය.

Exit mobile version