යුද කටයුතු සදහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග මුලතිව් යුවලක් අත් අඩංගුවට…

දිනසේන රතුගමගේ –

මුලතිව් පුදුකුඩීඉරිප්පු  ඉරණපාලෙයි ප්‍රදේශයේ නිවසක පුපුරණ ද්‍රව්‍ය හා යුද උපකරණ තොගයක් සඟවා තබා ගෙන සිටි යුවලක් පුදුකුඩීඉරිප්පු පොලීසිය විසින් ඊයේ ( 6 )  අත් අඩංගුවට ගෙන තිබේ.

පොලීසියට ලැබුණු ඔත්තුවකට අනුව අදාල නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම පුපුරණ ද්‍රව්‍ය හා යුද උපකරණ තොගය හමු වී තිබේ.

පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද සැකකටයුතු යුවල මුලතිව් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී කාන්තාව මේ මස 15 වෙනිදා දක්වා බන්ධනාගාර ගත කිරීමටත් පුරුෂයාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සඳහා ඔහුව පොලීසිය බාරයේ රඳවා තැබීමටත් නියෝග කොට තිබේ.


නිවසේ තිබී හමු වූ පුපුරණ ද්‍රව්‍ය මසුන් මැරීම සදහා යොදා ගන්නා ඩයිනමයිට් වැනි වාණිජ පුපුරණ ද්‍රව්‍ය තොගයක් නොවන බවත් ඒවා යුද කටයුතු හා විනාශකාරී ක්‍රියා සදහා යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය බවත් පොලීසිය පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පුදුකුඩීඉරිප්පු  පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version