යුදහමුදාපති වෙනුවෙන් පෙනීසිටිය හේතුව සජිත් හෙළිකරයි

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට පනවා ඇති ඇමරිකානු සංචාරක තහනම ඉවත් කිරීමට, මෙරටට පැමිණෙන ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගෙන් ඉල්ලා සිටින ලෙස, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

අද පාර්ලිමේන්තුවේ දී  විපක්ෂනායකවරයා, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මේ බව කියා සිටියේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ද මේ පිළිබඳ දන්වන ලෙසයි.

දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා එහිදී පිළිතුරු දෙමින් කියා සිටියේ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය පිළිගන්නා නමුත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙරට රණවිරුවන්ට එරෙහි චෝදනා එල්ල වන  ශ්‍රී ලංකාවට අහිතකර යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමට කටයුතු කරමින් මෙවැනි තහනම් පැනවීමේ වාතාවරණයක් ඇති කිරීමට කටයුතු කළේ  පැවැති ආණ්ඩුව බවයි.


හමුදාපතිවරයා වෙනුවෙන් එම තහනම පනවා පැය විසි හතරක් ගතවීමට පෙර විදේශ කටයුතු අමාත්‍යංශයේ ලෙස අවශ්‍ය පියවර ගත් අතර ශ්‍රී ලංකාවට අහිතකර ජිනීවා යෝජනාවේ සම අනුග්‍රාහකත්වය ඉවත් කරගැනීමට ද තම ආණ්ඩුව කටයුතු කළ බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා මෙහිදී කීය.

මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේ යුධ හමුදාපතිවරයා ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීමට ලොකුම දායකත්වය සැපයුවේ තමා බවත් ඒ පිළිබඳ අවශ්‍ය නම් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ද ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් ද විමසන ලෙසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එබැවින් හමුදාපතිවරයාට පනවා ඇති ඇමරිකානු සංචාරක තහනම ඉවත් කරන්නැයි ඇමරිකානු රාජ්‍ය ලේකම් වරයාගෙන් මුහුණට මුහුණ සිටියදී ඉල්ලන්න්නැයි යන ඉල්ලීම කිරීමට තමාට සාධාරණ අයිතියක් ඇති බව ද සජිත් ප්‍රේමදාස  මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.

Exit mobile version