යුතුකම් අත්නොහළ ඉලංචෙලියන්

දිනසේන රතුගමගේ:

වසර තුනකට ඉහතදී මානික්කවාසගර් ඉලංචෙලියන් මහතා යාපනය මහධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ සමයේදී ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන් ජී.එච්.සරත් හේමචන්ද්‍ර මහතා මියගියේ සහාසිකයෙකු විසින් විනිසුරුවරයා ඉලක්ක කරගෙන තැබූ වෙඩි පහරකිනි.

පොලිස් සැරයන්වරයාගේ ආදාහනය සිදු වූ දිනයේදීම විනිසුරුවරයා ප්‍රකාශ කළේ මියගිය නිලධාරියාගේ දරුවන් දෙදෙනාට තමන් පියකු වන බවයි.


ඒ පොරොන්දුව ඉටු කරමින් මහධිකරණ විනිසුරුවරයා සැරයන්වරයා මියගොස් තුන්වසරක් සපිරෙන ජූලි මස 23 වෙනිදා සැරයන්වරයා වෙණුවෙන් දානමය පින්කම් සිදුකිරීමටද පවුලේ උදවියගේ අවශ්‍යතා සොයා බලා ඒවා ඉටු කිරීමටද හලාවත කුමාරකට්ටුවේ පිහිටි නිවස වෙත ගොස් තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මියගිය සැරයන්වරයාගේ දරුවන් දෙදෙනා තවමත් අධ්‍යාපනය හදාරණ නිසා ඔවුන්ගේ ප්‍රවාහන අවශ්‍යතා ගැන සොයා බලා ඊට වාහන සැපයීමද මෙවර සිදු වුණි.

 

Exit mobile version