යුගයක් රංජනය කරමින් මහෙල සදාතනික විශිෂ්ටයන්ගේ ලයිස්තුවට එක් වෙයි!

mahela-jayawardene

හෙට පැවැත්වෙන පන්දුවාර විස්සයි 20  ලෝක කුසලාන අවසන් මහා තරගයට සමගාමීව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකා හිටපු නායක  මහේල ජයවර්ධන ඇතුළත්  කිරීමට තීරණය කර තිබේ.

අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම්  ලෙස මෙම ලයිස්තුව හඳුන්වනු ලබයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ යුග 5කට අදාළව ක්‍රීඩකයින් දෙදෙනා බැගින් අදාළ ලැයිස්තුවට ඇතුළත් කර ඇත. 1918 වසරට පෙර කාලය, 1918 – 1945 කාලය, 1946 – 1970 කාලය, 1971-1995 කාලය සහ 1996 – 2016 කාලයට අදාළව ක්‍රීඩකයින් දෙදෙනා බැගින් අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් ක්‍රීඩක ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහේල ජයවර්ධනට අමතරව ජෙනට් බ්‍රිට්නි සහ ෂෝන් පොලොක්   අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට හෙට එක් කරනු ලබයි

 

Exit mobile version