යුගදනවි දුන්න “නිවු ෆොට්‍රස් එනජි“ සමාගම ඇමරිකාවෙ බංකොලොත් සමාගමක්… චම්පික පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි!

ඇමරිකානු නිව් ෆොට්‍රස් සමාගම යුගදනවි බලාගාරයට සම්බන්ධ ටෙන්ඩර් පටිපාටියට සම්බන්ධ නොවන්නට ප්‍රධානම හේතුව එම සමාගම ඇමරිකාවේ බංකොලොත් සමාගමක් වීම නිසා බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

මෙම සමාගම හරහා  මේ ආණ්ඩුව සිදුකරන්නට යන  ව්‍යසනය යළි ආපසු හැරවිය හැකි එකක් නොවන තරම් බරපතල බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

මේ ගිවිසුම්ගත ජාවාරම හරහා මෙම ඇමරිකානු සමාගම ඩොලර් මිලියන 250ක ආයෝජනයක් කරන බව පෙන්වා වාර්ෂිකව ඩොලර් මිලියන 250ක් තම සමාගමට ඇදගන්නා ආකාරය කී මන්ත්‍රීවරයා බංකොලොත් සමාගමක ණය බර ජාතියක් මත පැටවීම බරපතල අපරාධයක් බව ප්‍රකාශ කළේය.


ඔහු මෙසේ ද පැවසීය.

“යුග දනවි බලාගාරය ලොකු විදේශ ආයෝජනයක් කියලා අපට පෙන්වන්න උත්සාහ කළාට එය ලොකු විදේශ ආයෝජනයක් නෙමෙයි.  විදේශ ආයෝජනයක් මේ මෙහොතේ  අත්‍යාවශ්‍යම විදේශ විනිමය ගෙන්වන්න සමත් විය යුතුයි. මේ  ක්ෂේත්‍රය බලාත්මක කරන්න හැකි විය යුතුයි. රැකියා උත්පාදනය. තාක්ෂණය නැවත ගෙන එන්න හැකියාව තිබිය යුතුයි.“

“යුගදනවි  ආයෝජනයට එහෙම හැකියාවක් නෑ. පැහැදිලි තවත්  ජාවාරමක් පමණයි. අනාගතයේ මේ රට බරපතල අවදානමකට ලක් කරන ගන්බෝර්ට් ඩිප්ලොමැසියට තුඩු දෙන තත්වයේ දෙයක්. රජය විසින්ම කරගෙන ගිය විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට උඩින් මේ සමාගම ගෙනාවා. ඔවුන් ප්‍රසම්පාදන ක්‍රියාවලියට එකතු වුනේ නෑ.“

“ඇයි මේ සමාගම ප්‍රසම්පාදන ක්‍රියාවලියට ආවෙ නැත්තේ. මේ සමාගමේ මූල්‍ය ශේෂ පත්‍රය අරන් බැලුවට පස්සෙ එක්සත් ජනපදයේ පාඩු පිට පාඩු ලබලා තියනවා.  මේ සමාගම ගිය අවුරුද්දෙ ගත්තා ඩොලර් මිලියන 800ක ණයක්. ලයිබො + 6.65කට. මෙහෙම ණය දෙන්නෙ අන්තිම බංකොලොත් සමාගම්වලට.  මේ සමාගමේ බංකොලොත් ණය ප්‍රමාණය අපට ගැටගහන්ද යන්නෙ.“

“අපට මතක් වෙනවා කැලිෆෝනියානු විදුලි මාෆියාව. 2001 දි ඒ කැලිෆෝනියානු ආණ්ඩුකාරයව දණගැස්සුවා ඒ විදුලි මාෆියාව. ඒ විදිහෙ විදුලි මාෆියාවකට ඉඩ දීලා මේ බලශක්ති ස්වෛරීත්වය පාවා දෙන්න ද යන්නෙ.

මේක පැහැදිලික කරගනිමු. මේ සමාගමට මේ ව්‍යාපෘතිය දෙන්න හේතුව විදිහට  මේකයි ඒ අය කියන්නෙ. බ්‍රිතාන්‍ය තාප ශක්ති මනින ඒකකය බීටීයූ.

මිලියන් බීටීයූ එකකට ගන්න ගාන අඩුයි කියලා ඒ කැබිනට් පත්‍රිකාවෙ දාලා තියනවා. ඕක නිකම් දෙන්න ආවා කොරියන් සමාගමක්.

මේකෙ තියන ගනුදෙණුව මොකක් ද?. දැනටමත් හුඟ දෙනෙක් පැහැදිලි කරලා දීලා තියනවා. ඒ ගනුදෙණුව ගෑස් සැපයුම. ගෑස් සැපයුමේ   සම්බන්ධ දර්ශක කීපයක් දැනට තියනවා. ඇමරිකා එක්සත් ජනපදය පාවිච්චි කරන දරශකය “හෙන්ඩ්‍රි හබ්. හෙන්ඩ්‍රිහබ් දර්ශකයට තව ඩොලර් 5.5ක් එකතු කරන්න කියලා තියනවා. ඒක මේ ගිවිසුමේ පැහැදිලි කරලා නෑ.

ලංකාවෙ සපුගස්කන්ද ඇතුළු දැවිතෙල් බලාගාර ඔක්කොම එකතු කළාම මේකට වාර්ෂිකව මිලියන් මිලියන් එම්බීටීයූ   46 -58 දක්වා ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා කියලා පෙන්වලා දීලා තියනවා. ඒ කියන්නෙ සාමාන්‍යය මිලියන් මිලියන් එම්බීටීයූ 52.5යි. මිලියන් මිලියන් එම්බීටීයූ වැඩිකරන්න 52.5න්. වාර්ෂික ලාභය ඩොලර් මිලියන 250යි.

ඩොලර් මිලියන 250ක් ආයෝජනය කරලා වාර්ෂිකව  ඩොලර් මිලිනය 250ක් එළියට අදිනවා. අපි ගොන්නු නෙමෙයි. මේ රටේ මේ ක්ෂේත්‍රය දන්නෙ නෑ කියලා හිතන් ඉන්නව ද. මේ රට වට්ටන්න කරන භයානකම දෙයක් තමයි මේ කරන්නෙ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


1996 දි මේ විදිහටම තමයි ඇග්‍රිකෝ එක ආවෙ. මොනතරම් අමාරුවෙන්ද අපි ඇග්‍රිකෝ එක හරවා යැව්වෙ. ඒක යවලා උතුරු ජනනී බලාගාරය හදනකොට මට ලොකු බලපෑම් ආවා. මේව ගොඩබැස්සට

Exit mobile version