යුගදනවි ගිවිසුම අද කැබිනට් මණ්ඩලයට…

ඇමරිකාවේ නිව් ෆොට්‍රස් එනර්ජි සමාගමට යුගදනවි බලාගාරයෙ කොටස් විකිණීමට අදාළව අස්සන් කරන ලද ආන්දෝලනාත්මක ගිවිසුම අද (06) අමාත්‍ය මණ්ඩලයට අද ඉදිරිපත් කෙරෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි .

මෙම ගිවිසුම අත්සන් කිරීමට අදාලව බලපෑ කරුණු සහ ගිවිසුමට එළඹීමේ නීතිමය රාමුව ද මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ විසින් අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇතැයි පැවසේ.

ආණ්ඩුවේම කොටසක් එළියේ සම්මන්ත්‍රණ තබමින්, උසාවියට යමින් විරෝධය පෑ මෙම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්ෂය ද ඉල්ලීමක් කළේය .


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට එම ගිවිසුමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ගෙනු වී ඇත.
කැබිනට් තීරණයට එරෙහිව අධිකරණයට කරුණු කීමට කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානයක්කාර යන ඇමැතිවරු ද ඉදිරිපත් වී සිටිති .

 

Exit mobile version