යුක්‍රේනයට යවන ආයුධ අවි ජාවාරම්කරුවන්ට යයි ද?

Joe Biden

යුක්‍රේනයට මිසයිල, රොකට් හා ඩ්‍රෝන වැනි, ඩොලර් බිලියන 40ක් වටිනා ආරක්ෂක උපාංග රැසක් යැවීම සඳහා අත්සන් තැබීමට එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් බලාපොරොත්තු වේ. එහෙත් මෙලෙසින් විශාල ආයුධ තොගයක් රටට ලැබෙන විට ආයුධ ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට මෙම අවි ආයුධ හසුවෙනු ඇතැයි මේ වන විට සැක පහළ වී තිබේ.

2014 දී රුසියාව විසින් සිදු කරන ලද ආරම්භක ආක්‍රමණයෙන් පසු යුක්‍රේනයේ නීති විරෝධී ආයුධ වෙළෙඳපොළ ඉහළ ගොස් ඇති අතර, ලිහිල් ආයුධ අතිරික්තියක් හා ඒවා භාවිතය පිළිබඳ සීමිත පාලනයන් මඟින් එරට පීඩාවට පත්ව ඇත.

මෙම වාතාවරණය තුළ යුක්‍රේන ජනාධිපති වොලොඩිම්යර් සෙලෙන්ස්කි නැගෙනහිර හා දකුණේ රුසියානු හමුදාවන්ට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය කාලතුවක්කු ලබා දෙන්න යැයි එක්සත් ජනපදයෙන් හා උදව්කාරයෙන්ගෙන් හදිසියේ ඉල්ලා තිබිණි. මීට ප්‍රතිචාර දක්වමින් බයිඩන් ඉක්මණ් පියවර ගත්තත් මෙම ආයුධ විරුද්ධවාදීන් හා ත්‍රස්වාදීන් අතට පත්වීමට ඉඩ කඩ ඇති බව සඳහන් වේ. එසේ වුවහොත් ඉදිරි දශක කිහිපය තුළ බොහෝ දුර ප්‍රදේශවල ගැටුම්කාරී තත්ත්වයන් ඇති වෙනු ඇත.


ස්ටිම්සන් මධ්‍යස්ථානයේ අවි පාලන විශේෂඥ සහ එහි උප සභාපති රේචල් ස්ටෝල් සඳහන් කළේ ‘ආයුධ යන්නේ කෙතැනටද, ඒවා භාවිතා කරන්නේ කව්රුන් ද යන්න පමණක් නොව ඒවා භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව පවා සෙවීමක් කළ නොහැකි බවයි.

ආයුධ, යුක්‍රේනයට යවන විට ඒවාගේ ගමන් මාර්ගය පිළිබඳ සොයා බැලීමට නොහැකි නිසා ඒවා ආයුධ ජාවාරම්කරුවන්ගේ පහසු ඉලක්කයන් විය හැකිය.

මේ අතර රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු පැවසුවේ, එක්සත් ජනපදය විසින් සපයනු ලබන යුක්‍රේනියානු ඒකක පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු රක ඇති අතර පෙර එක්සත් ජනපද රජයේ අවසරයකින් තොරව තෙවන පාර්ශවයකට අවි ආයුධ හෝ උපකරණ නැවත පැවරීමට නොදෙන බවට ගිවිසුම් අත්සන් කරන්න යැයි අදාළ බලධාරීන් දැනුවත් කරන බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මින් පෙර ද එක්සත් ජනපදය, යුක්‍රේනය සඳහා ආයුධ රැසක් ප්‍රධානය කර තිබේ.

Exit mobile version