යාපනේ බෝම්බ පිපිරවීම් පෙළ ප්‍රංශයේ සිට මෙහෙයවලා

අතේ පත්තු වී මියගිය හිටපු කොටියා තොරතුරු වමාරලා

කිළිනොච්චිය පලෙයි ඉයක්කච්චි ප්‍රදේශයේ නිවසක පසුගියදා බෝම්බයක් අත්හදාබැලීමකදී පිපිරීමෙන් මියගිය හිටපු එල්ටීටීඊ සාමාජිකයා, ඊට පෙර සිදුවූ බෝම්බ පිපිරීම් කිහිපයටම සම්බන්ධ බවත්, ඔහු ප්‍රංශයේ සිට යම් පිරිසක් විසින් මෙහෙයවනු ලැබ ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන අංශය සිදුකරන විමර්ශනවලදී හෙලිවී තිබේ.

පසුගිය දා වූ මෙම සිදුවීමට පෙර කන්කසන්තුරේ වැලි ගොඩදමන ස්ථානයක පොලිස් මුරපොලේ සිදුවූ බෝම්බ පිපිරීමත්, නෙල්ලිඅඩි යුද හමුදා කඳවුර ආසන්නයේ සිදුවු බෝම්බ පිපිරීමටත් මෙම පුද්ගලයා සම්බන්ධ බව හෙළි වී ඇත.

තවත් යුද හමුදා කඳවුරක බෝම්බයක් පුපුරවා හැරීමට ගත් උත්සාහයක් පිලිබඳව ද තතු අනාවරණය වී තිබේ.


කොටි සංවිධානයේ සාමාජිකයකුව සිට පසුව පුනරුත්තාපනය වූ ඔහුට මේ සඳහා ප්‍රංශයේ යම් සංවිධානාත්මක පිරිසකගෙන් රුපියල් ලක්ෂ 3 හමාරක මුදලක් ලැබී ඇති බවත්, වැඩි හානි නොවන බෝම්බ කිහිපයක් පුපුරුවන ලෙස උපදෙස් ලැබී ඇති බව ද එම විමර්ශනවලදී හෙලිව තිබේ.

එමෙන්ම ත්‍රස්ත විමර්ශන අංශය විසින් අනාවරණය කරගෙන ඇති ආකාරයට මෙම මියගිය හිටපු කොටි සාමාජිකයා බෝම්බ සම්බන්ධ විශේෂඥයකු නොවේ.

ඔහු බෝම්බ නිෂ්පාදනය පිළිබඳව අන්තර්ජාලය මගින් හදාරා ඇති ඒ පිළිබඳ ප්‍රාථමික දැනුමක් ඇත්තකු බව ද අනාවරණය කරගෙන තිබේ.

මෙම තොරතුරු මියයාමට පෙර ආරක්ෂක අංශ වෙත හෙළිකර ඇත්තේ ඉහත සඳහන් කළ හිටපු එල්ටීටීඊ සාමාජිකයා විසිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් ත්‍රස්ත විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.

Exit mobile version