යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ ශිෂ්‍යයකුට තරුණයන් 2ක් හෙල්මටයකින් පහර දීලා

දිනසේන රතුගමගේ

අපොස සාමාන්‍ය පෙළ විභාගය හමාර වී නිවසට යමින් සිටි යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ ශිෂ්‍යයකුට තරුණයන් දෙදෙනකු විසින් හෙල්මට් එකකින් පහර දීම නිසා එම සිසුවා 31 දා තුවාල ලබා තිබේ.

මේ පිළිබඳ නෙල්ලි අඩි පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය පහර දීම සිදු කළ බව කියන සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විභාගය හමාර වීමත් සමඟම යතුරුපැදිවලින් විභාග ශාලාව ඉදිරියට පැමිණි තරුණයන් පිරිසක් විභාගය හමාර කොට නිවසට යමින් සිටි ශිෂ්‍යාවන්ට උසුලු විසුලු කිරීමට පටන් ගෙන ඇති අතර පහර කෑමට ලක් වූ සිසුවා ඊට විරෝධය පල කිරීම නිසා ඔහුට හෙල්මට් එකකින් පහර දී තිබේ.


සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන ලද නෙල්ලි අඩි පොලිසිය තරුණයා සමඟ ඔහුගේ යතුරුපැදියද පහර දීමට උපයෝගී කරගත් හෙල්මටයද අත්අඩංගුවට ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සිද්ධියෙන් පසුව යාපනයේ විභාග ශාලා ආසන්නයේ පොලිස් ආරක්ෂාව දැඩි කරන ලෙසට යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

Exit mobile version