යාපනය නගර සභාවේ අලුත් නගරාධිපති ඉදිරිපත් කළ අය වැයත් පරාදයි!

දිනසේන රතුගමගේ –

යාපනය මහ නගර සභාවේ 2023 වර්ෂය සදහා වූ අයවැය යෝජනාව නව නගරාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ අවස්ථාවේදී එය වැඩි ඡන්ද 8 කින් පරාජයට පත්ව තිබේ.

අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් ඡන්දය විමසූ අවස්ථාවේදී සභාව තුළ මන්ත්‍රීවරු 40 දෙනෙකු සිටි අතර ඔවුන්ගෙන් මන්ත්‍රීවරු 24 ක් අයවැය ලේඛනයට විරුද්ධවද මන්ත්‍රීවරු 16 ක් පක්ෂවද ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය.

මීට පෙර පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේදී යාපනය මහ නගර සභාවේ 2023 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය  සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එම වාර්තාව පලමු වර වැඩි ඡන්ද 7 කින් පරාජයට පත් විය.

දෙවන අවස්ථාවේ කියවීමක් ඉල්ලා සිටියද ඊට අකැමති වූ එවකට නගරාධිපතිවරයාව සිටි.එස්.මනිවන්නන්   නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය.


පසුව නගරාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා පැවති ඡන්දයට මන්ත්‍රීවරු සහභාගී නොවූ නිසා පළාත් පාලන කොමසාරිස්වරයා ඔහුට ඇති බලතල වලට අනුව එමානුවල් ආනෝල්ඩ්   නගරාධිපති ධූරයට පත් කරනු ලැබීය.

ඔහු මනිවන්නන්ට පෙර යාපනය නගර සභාවේ හිටපු නගරාධිපතිවරයාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු විසින් සභාවට ඉදිරිපත් කරණ ලද  2023 අයවැය යෝජනාවලිය වැඩි ඡන්ද 8 කින් පරාජය වීමෙන් පසුව ඊළගට නගරාධිපතිවරයා ගන්නා තීරණය මෙතෙක් හෙළි කොට නොමැත.

Exit mobile version