යාපනය තෙලිප්පලෙයි රෝහලේ ඖෂධ  ගබඩාව ගිනි ගනී…

දිනසේන රතුගමගේ –

යාපනය තෙලිප්පලෙයි රෝහලේ ඖෂධ  ගබඩාව  තුළ හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් එහි ගබඩාවක තිබූ ඖෂධ විශාල ප්රමාණයක්  ඊයේ (26) රාත්‍රියේ   ගිනිගෙන විනාශ වී තිබේ.

යාපනය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය හා ආරක්ෂ අංශ පැමිණ ගින්න පාලනය කිරීම නිසා රෝහලේ  සෙසු ගොඩනැගිලිවලට ගින්න පැතිර යාම වැළකී ගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගින්න්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර යාපනය චුන්නාකම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇත.

Exit mobile version