දිනසේන රතුගමගේ
යාපනයේ ගාන්ධර්මඩම් ප්‍රදේශයේ වෛද්‍යවරුන් දෙදෙනකු ජීවත් වූ නිවසකට බෝම්බ ප්‍රහාරයක් 20දා අළුයම එල්ල වී තිබේ.
මෙම බෝම්බ ප්‍රහාරය හේතුවෙන් කිසිදු අයකුට ජීවිත හානි සිදු වී නොමැති අතර නිවසට හා හාණ්ඩවලට සුළු හානි සිදුව තිබේ.
යාපනය පොලිසිය ප්‍රකාශ කළේ එම බෝම්බ පෙට්‍රල් හා වෙනත් ද්‍රව්‍ය උපයෝගී කරගෙන යාපනයේම නිෂ්පාදනය කරන ලද බෝම්බ බවයි.
මෙම නිවසේ සිටි එක් වෛද්‍යවරයකු හා යාපනයේ පදිංචිකරුවන් පිරිසක් අතර කාලයක් තිස්සේ පවතින ඉඩම් ආරවුලක් හේතුවෙන් වෛද්‍යවරයා බිය ගන්වන්නට මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයිද පොලිසිය සැක කරයි.
යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.