යාපනයේ රියෝ අයිස් ක්‍රීම් වෙළෙඳසලේ ගිනි ගනී…

දිනසේන රතුගමගේ –

යාපනයේ ඉතා සුප්‍රසිද්ධ රියෝ අයිස් ක්‍රීම් වෙළඳසලේ ඉහල මාලය තුළ හදිසියේම හටගත් ගින්නක් හේතුවෙන් එම වෙළඳ සැලට 21 දා දැඩි අලාභ හානි සිදුව තිබේ.

විදුලි බලය ඇන හිට තිබු අවස්ථාවක  විදුලිය පැමිණීමෙන් පසුව විදුලි ජනක යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීමට ගිය අවස්ථාවේදී මෙම ගින්න ගට ගෙන තිබේ.

අයිස් ක්‍රීම් වෙළඳ සැල අවට සිටින වෙළෙන්දන් වහාම පැමිණ ගින්න ඉවා දැමීමට කටයුතු කොට ඇති  නමුත් ඒ වන විට ඉහල මාලයේ තිබූ භාණ්ඩ රැසක් ගින්නට හසු වී පිලිස්සී ගොස්  විශාල හානියක් සිදුව තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය කෝපායී පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.


Exit mobile version