තිසර පෙරේරා නායකත්වය දැරූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම දෙවන වරටත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.
ඒ ඊයේ (23) රාත්‍රියේ හම්බන්තොට සූරියවැව ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවති අවසන් මහා තරගයේ දී භානුක රාජපක්ෂ නායකත්වය දැරූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජයට පත් කරමිනි.
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගය ලකුණු 23කින් ජය ගනිමින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලු 3ක් දැවී ලකුණු 201ක් රැස් කරගත්තේය. ජැෆ්නා කිංග්ස් වෙනුවෙන් යළිත් වරක් විශිෂ්ඨ ඉනිමක් අවිශ්ක ප්‍රනාන්දු ක්‍රීඩා කළේය. ඔහු පන්දු 41කදී ලකුණු 63ක් කළේය.
ලකුණු 202ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර විස්සේදී කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 178ක් පමණයි.
ගොල් ග්ලැඩියේටර්ස් වෙනුවෙන් වේගවත් ආරම්භයක් ලබා දුන් ධනුෂ්ක ගුණතිලක පන්දු 21කදී වේගවත් ලකුණු 54ක් රැස් කරමින් ග්ලැඩියේටර් කණ්ඩායමට බලාපොරොත්තු එක්කළ නමුත් කුසල් මෙන්ඩිස් ලකුණු 39කට දුවද්දී දැවී යාමත් සමග තරගයේ පාලනය ජැෆ්නා කිංස්ග් කණ්ඩායමට නතු විය.
අවසන් මහ තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දුය. මෙවර තරගාවලියේ වාර්තා වූ එකම ශතකය වාර්තා වූයේද අවිශ්ක ප්රනාන්දුගෙනි. ඔහු මෙවර තරගාවලියේදී ශතකයක් සහා අර්ධ ශතක දෙකක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 312ක් රැස් කළේය..