දිනසේන රතුගමගේ –
යාපනය හා ඉන්දියාව අතර මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන යාපනයේ පදිංචි ජාවාරම්කරුවන් දෙදෙනෙකු ඉන්දියාවේ තමිල්නාඩූ කරෙයිකාල් ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ ( 9 ) අත් අඩංගුවට ගෙන තිබේ.
කරෙයිකාල් පොලීසියේ විශේෂ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ යාපනයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි එම්. මනිමාරන් සහ 24 හැවිරිදි එම්. මනියාරසන් නැමැති පුද්ගලයින් දෙදෙනෙකි.
එම ව්‍යාපාරිකයින් දෙදෙනාව අත් අඩංගුවට ගන්නා විට ඔවුන් ළග තිබී හෙරොයින් හා කේරළ ගංජා විශාල ප්‍රමාණයක්ද ඉන්දීය රුපියල් ලක්ෂයක මුදලක්ද ෆයිබර් වර්ගයේ බෝට්ටුවක්ද පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා කරෙයිකාල් ප්‍රාදේශීය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.







