වර්තමානයේ යෞවන සමාජ සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුධකාරී තත්ත්වයන් පිළිබඳව හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද (10) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබේ.
ජාතික තරුණ සේවා සභාව පිහිටුවීමේ පුරෝගාමියා ලෙස රනිල් වික්‍රමසිංහ එහි මුල් කාලීන අරමුණු මෙන්ම තම පාලන සමයන්හි ජාතික තරුණ සේවා සභාව සහ යෞවන සමාජවල කටයුතු සිදුකරනු ලැබූ ආකාරය සම්බන්ධවද අදහස් දැක්වීමට නියමිතය.







