යාපනයේ ගොවියෙක් අඩි 10ක් උසට වැවෙන බණ්ඩක්කා ප්‍රභේදයක් හදයි…

මුල සිටම කරල්... ඵලදාව වැඩියි... ගොවි මහත්තයා කියයි...

දිනසේන රතුගමගේ

යාපනයේ කරෙයිනගර් ප්‍රදේශයේ ගොවියෙකු විසින් අඩි දහයක් උසට ගස් වැඩෙන බණ්ඩක්කා විශේෂයක් දෙමුහුම් ක්‍රමයකින් නිපදවා තිබේ.

කේ.නදියන් නැමති මෙම ගොවි මහතා විවිධ එළවලු වර්ග වගා කරන  සාමාන්‍ය ගොවියෙකු වූවත් ඔහු නිතරම එළවලු බීජ සම්බන්ධයෙන් සිය දැනුම ආශ්‍රයෙන් පර්යේෂණ හා අත්හදා බැලීම් සිදු කරණ ගොවියෙකි.

ඔහු විසින් දෙමුහුම් කරණ ලද බණ්ඩක්කා  විශේෂයේ මීළග පරම්පරාවේ බීජ වලින්ද අඩි දහයක උස ගස් ලැබුණහොත් ඔහු එම බණ්ඩක්කා විශේෂය සිය නමින් නම් කරණ බව ප්‍රකාශ කොට තිබේ.


අඩි දහයක් උසට වැවෙන බණ්ඩක්කා ගසේ මුල සිටම කරල් හට ගන්නා නිසා මේ විශේෂයෙන් වැඩි පලදාවක් ලැබිය හැකි බව නදියන් ගොවි මහතා කියා සිටියි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නමුත් කෘෂිකර්ම නිලධාරීන් මේ අඩි දහයක් දිග බණ්ඩක්කා ගස්  පිළිබදව මෙතෙක් කිසිවක්  ප්‍රකාශ කොට නොමැත.

Exit mobile version