යාපනයේ කිතුණු දේවස්ථානයකට ප්‍රහාරයක්… අපරාධකරුවන් සොයා පරීක්ෂණ

දිනසේන රතුගමගේ –

යාපනයේ වඩමරච්චි නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි කිතුණු දේවස්ථානයකට 18 දා රාත්‍රී එල්ල වී ඇති ප්‍රහාරයක් සම්බන්ධයෙන් නෙල්ලිඅඩි පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

කිතුණු දේවස්ථානයේ දොරවල් කඩා ඊට ඇතුළු වු පිරිසක් මුලින්ම එහි වූ සී.සී.ටීවී කැමරා පද්ධතියට හානි සිදු කොට තිබේ.

අනතුරුව කිතුණු දේවස්ථානයේ බඩු බාහිරාදියට පහර දී ඒවා විනාශ කොට ඇති අතර ප්‍රහාර වලින් දේවස්ථානයේ ප්‍රතිමා වලට හානියක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කරයි.


නමුත් පැමිණි පිරිස දේවස්ථානයේ වූ සෙසු පූජනීය  දේපලවලට දේවාභරණවලට ඇදුම්වලට හානි සිදු කොට තිබේ.

එහි දත්ත සටහන් පරිගණක උපාංගද රැගෙන ගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දේවස්ථානයට එල්ල වී ඇති මේ ප්‍රහාරය හා දේපල මංකොල්ල කෑම ආගමික විරෝධී ක්‍රියාවක්ද එසේත් නොමැතිනම්  දේපල මංකොල්ල කෑමක්ද යන්න පිළිවඳව  නෙල්ලිඅඩි පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version