යාපනයේ කළු කඩේ පෙට්‍රල් ලීටරය රුපියල් 1000යි…

දිනසේන රතුගමගේ –

යාපනයේ තැන් තැන් වල සගවා තබා ගෙන ඩීසල් හා පෙට්‍රල් ලීටරයක් රුපියල් දහස බැගින් මේ දිනවල අලෙවි කිරීමට පටන් ගෙන තිබේ.

කෘෂිකාර්මික කටයුතුවල නිරත වන  හා අත්‍යවශ්‍ය ගමන් බිමන් සඳහා යන පිරිස් ජාවාරම්කරුවන් විසින් මෙසේ අධික මිලට අලෙවි කරනු ලබන ඉන්ධන වැඩි මිලට ලබා ගෙන සිය අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට පටන් ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වැඩි මිලට ඉන්ධන අලෙවි කරන පිරිස් විවිධ වාහන වලින් පෝලිම් වෙත ගොස් ඉන්ධන ලබා ගෙන ඒවා වැඩි මිලට අලෙවි කිරීම ව්‍යාපාරයක් බවට පත් කරගෙන සිටිති.

Exit mobile version