යාපනයේ කඩු මැරයන් තුන්දෙනෙක් අත්අඩංගුවට…

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය දිනවල යාපනයේ තැනින් තැන ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ බවට සැක කෙරෙන පුද්ගලයින් තුන් දෙනෙකු යාපනය පොලීසිය විසින් 22 දා අත් අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ කොකුවිල් කුල්ලප්පිඩ්ඩි හන්දිය අසල පිහිටි සාරි වෙළද සැලකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම හා යාපනයේ නිවාස කීපයකට පහරදීම පුද්ගලයින්ට තුවාල සිදු කිරීම යන සිද්ධීන් වලට මෙම සැකකරුවන් තුන් දෙනා හවුල් බව යාපනය පොලීසිය ප්‍රකාශ කරයි.

යාපනයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව වැඩි දුර තොරතුරු ලබා ගැනීම සඳහා ඔවුන්ගෙන් යාපනය පොලීසිය ප්‍රශ්න කරගෙන යයි.

Exit mobile version