යළි මෙලොවට පැමිණියහොත් බුදුන් කොළ පැහැ වනු ඇත

දේශගුණික විපර්යාසයන්ට එරෙහිව හදිසි පියවර ගන්නා ලෙස දලයි ලාමා තුමන් ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටී.

ඒ බිලියන ගණනකගේ ජීවිතවලට බලපාන පාරිසරික විනාශය සහ උන්වහන්සේගේ උපන් රට වන ටිබෙට් ඇතුළු පෘථිවිය විනාශ කිරීම ගැන අනතුරු ද අඟවමිනි.

උන්වහන්සේ ඒ පිළිබඳ සිහිකැඳවන නව පොතක් එළිදක්වා ඇති අතර බුදුන් වහන්සේ මෙලොවට නැවත පැමිණියහොත් “බුදුන් කොළ පාට වනු ඇත”


චැනල් ෆෝ නිවුස් සහ ගාඩියන් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බෞද්ධ අධ්‍යාත්මික නායකයා දශක හයක් තිස්සේ වෙසෙන ඉන්දියාවේ ධර්මශාලා නගරයේ සිට කතා කළේය. “ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ගංගා වියළී යන මට්ටමකට පැමිණිය හැකි” බවත් “අවසානයේදී ටිබෙටය ඇෆ්ගනිස්ථානය මෙන් වනු ඇති බවත්” හෙතෙම අනතුරු ඇඟවීය.

කෝප් 26 එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව ග්ලාස්ගෝහිදී පැවැත්වීමට නියමිතව තිබූ අතර, ඔහු පවසන්නේ ලෝක නායකයින්ගේ ඉහළ බලාපොරොත්තු ඇති බවත්, ඔවුන් පැරිස් දේශගුණික ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය බවත්ය.

“එක්සත් ජාතීන් මෙම ක්ෂේත්‍රය තුළ වඩාත් ක්‍රියාකාරී භූමිකාවක් ගත යුතුය,” ඔහු පවසයි. ලෝක නායකයන් අසමත් වන්නේ දැයි ඇසූ විට, “විශාල ජාතීන් පරිසර විද්‍යාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. ආයුධ හෝ යුද්ධ සඳහා විශාල මුදලක් වැය කළ විශාල ජාතීන් තම සම්පත් දේශගුණය සුරැකීම සඳහා යොමු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. ” යනුවෙන් පැවැසීය.

දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා මහා පරිමාණ ගස් සිටුවීමට තමන් කැමති බව දලයි ලාමා තුමන් පවසයි.

ලොව පුරා මස් පරිභෝජනය පහත වැටෙනු ඇතැයි හෙතෙම විශ්වාස කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේවෙතත් 1965 දී නිර්මාංශ වීමට ඔහු ගත් තීරණයෙන් පසුව, සෞඛ්‍ය ගැටලු නිසා මස් ටිකක් ආහාරයට ගැනීම නැවත ආරම්භ කරන ලෙස වෛද්‍යවරුන් විසින් උන්වහන්සේට උපදෙස් දී තිබුණි.

Exit mobile version