යහපාලනයේ කෝටි 131ක කිරි හරක් ජාවාරමෙහි අග මුල නාමල් හෙළි කරයි…

රටේ මූල්‍ය අර්බුදයක්... මේ නීති විරෝධී ගනුදෙණුවේ මුදල නැවත අය කරගන්න... නාමල් කරුණාරත්න ඉල්ලයි.

සෞම්‍යා ලියනආරච්චි –

පසුගිය 2018 අයවැයෙන් මුදල් වෙන්කර නොතිබියදීත් මුදල් රෙගුලාසි උල්ලංඝණය කරමින් වු ලංකාවට ඔස්ට්‍රෙලියාවෙන් කිරි හරක් ගෙන්වූ අසාර්ථක ව්‍යාපෘතියට  වැය කළ රුපියල් කෝටි 131ක මුදල සහ ඊට ගෙවන ලද පොලී මුදල් අයකර ගැනීමට කටයුතු කරන ලෙසට ආණ්ඩුවට බලකර සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසයි. 

මෙම ව්‍යාපෘතිය ඉකුත් රජය පැවති සමයේදි ආරම්භ කර තිබිණි. 2018 වර්ෂයේ දී  කිරි හරක් ගෙන්වීමට සත පහක් හෝ අයවැයෙන් වෙන්කර නොකළ පසුබිමක, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා පශු සම්පත් අමාත්‍යංශය විසින් ඔස්ට්‍රේලියාවේ වෙලාද් රූරල් එක්ස්පෝර්ට් නැමැති සමාගමකට මෙසේ රුපියල් කෝටි 131 ක මුදලක් , 2018 මැයි 8 වෙනිදා ගෙවා තිබෙන අතර මෙම මැයි මාසය වන විට   අදාල මුදල් ගෙවා අවුරුදු දෙකක් ගතවී  තිබෙන බව ද නාමල් කරුණාරත්න පවසයි.

එහෙත් මේ වනතුරු ඒ ගෙවීම් වලට අදාලව කිරි හරකකු තබා පූස් පැටියෙකු හෝ ගෙන්වා නැති බවත් නෙදර්ලන්තයේ රබෝ නැමැති බැංකුවකින් මෙම මුදල පශු සම්පත් අමාත්‍යංශය විසින් ණයක් ලෙස ගෙන තිබෙන බවත්    ශ්‍රි ලංකාව එම නෙදර්ලන්ත බැංකුවට මේ දක්වා ණය වාරික සහ පොලී වාරික ගෙවන බවත්  ඔහු පෙන්වා දෙයි.


වාර්තාවන ආකාරයට මුදල් රෙගුලාසි උල්ලංගනය කරමින්  මෙම ගෙවීම් කරනු ලබන්නේ මේ කිරි හරක් ව්‍යාපෘතිය අසාර්ථක බව පැහැදිලිව පෙනෙද්දීය. මෙම ව්‍යාපෘතියට අදාලව 2017-2018 වර්ෂවල දී වාර දෙකක දී කිරි හරක් 5000 ක් ගෙන්වා තිබිණි. එහිදී ආණ්ඩුව එක් කිරි හරකෙකු වෙනුවෙන් රුපියල් පන්ලක්ෂ විසිදහසක් වියදම් කළේය. එසේ ගෙන්වන ලද හරකුන්ට පැසියෝලා හෙපටිකා සහ බෝරින් වයිරල් ඩයරියා යන රෝග දෙක වැළඳීම හේතුවෙන් ව්‍යාපෘතිය අසාර්ථක විය.   

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රටේ දැවන්ත මුදල් අර්බුදයක් පවතින මෙම මොහොතේදි ආණ්ඩුව වහාම මේ පිළිබඳව මැදිහත්ව සියලු මුදල් සහ පොලිය ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ යැයි ද නාමල් කරුණාරත්න වැඩිදුරටත් පැවසිය.

Exit mobile version