ඉන්දියාවෙන් යූරියා අපනයනය තහනම් කර ඇති අතර එරට අවශ්‍යතා සඳහා පාලනය කර ඇති තීරණය තාවකාලිකව ඉවත් කරන්නට ඉන්දිය බලධාරීහු මෙහි දී එකඟත්වය පළ කර ඇත. ඉදිරි යල වගා කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය යූරියා සැපයීම පිළිබඳව සාකච්ඡා කර තීරණ ගැනීම සඳහා නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා අද (12) ඉන්දියාවේ ජාතික පොහොර දෙපාර්තමේන්තුවේ ලේකම් රාෙජ්ෂ් කුමාර් චතුර්වේදි මහතා හමුවිය.
මෙම කන්නයේ වී සඳහා යූරියා මෙටි්රක් ටොන් 65,000ක් අවශ්‍ය වනු ඇති අතර දෙරට අතර දැනට පවතින ඇ.ඩො. බිලියනයක ණය පහසුකම යටතේ වහාම ශ්‍රී ලංකාවට පොහොර සැපයීමට ඉන්දීය රජය තීරණය කර ඇත. එයට අදාළ ඉදිරි සැපයුම් සම්බන්ධව මෙම හමුව සිදුවිය.
කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී ගෝපාල් බග්ලේ මහතා සමග සාකච්ඡා කර යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් ශ්‍රී ලංකාවට සැපයීමට අවශ්‍ය අනුමැතිය සහ ප්‍රවාහන පහසුකම් සැලසීම සම්බන්ධයෙන් මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ පොහොර දෙපාර්තමේන්තුවේ ලේකම් චතුර්වේදි මහතාට මෙම හමුවේ දී ස්තුතිය පුද කළේය. ඊට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී චතුර්වේදි පැවසුවේ, ඉන්දියාවේ ‘අසල්වැසියාට ප්‍රථම’ ප්‍රතිපත්තියට අනුකූලව ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට තම දෙපාර්තමේන්තුව සැම විටම සූදානම් බවත්, අවශ්‍ය යූරියා ප්‍රමාණය ශ්‍රී ලංකාව ආසන්නයේ පිහිටි ඉන්දියාවේ වරායක සිට නැව්ගත කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත්ය. දැනට පවතින ණය මාර්ගය යටතේ සහ ඉන් ඔබ්බට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට රසායනික පොහොර අඛණ්ඩව සැපයීම සහතික කිරීමේ සැලැස්මක් ද මහ කොමසාරිස්වරයා සහ ලේකම්වරයා සාකච්ඡා කළහ.