යලි පිබිදෙන කාශ්මීරය

ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ පුරවැසියන් මේවන විට විශාල වශයෙන් නව ව්‍යවසායන් සඳහා සිය අවධානය යොමු කිරීමට පෙළඹ ඇති බවට නවතම දත්ත වාර්තා වලින් අනාවරණය වේ.

මේවන විට ජම්මු කාශ්මීර ප්‍රදේශය භූගෝලිය වශයෙන් නව ව්‍යවසායන් සඳහා යෝග්‍ය වන පරිදි සකස්වී ඇති බැවින් සහ පෙර පැවති ත්‍රස්වාදී අවදානයම පහව යාමත් මෙම නව වර්ධනයට මූලික හේතුව වී තිබේ.

ඒ අනුව මෙම කළාපය තුල ව අදහසත් නිර්මාණශීලිත්වය වැඩි ඉඩකඩක් විවෘතවී ඇති අතර එමගින් නවෝතපාදනයන් රැසකට මඟ පාදා තිබීම සුවිශේෂී කාරණයි. එමගින් ජම්මු කාශ්මීර ප්‍රදේශයන් හී ජන ජීවිතය සමෘද්දීමත් කිරීමට්ත ආර්ථිකය ශක්තිමත් කිරීමටත් හැකියාවක් ලැබී තිබේ.


මෙහිදී ඉන්දීය රජය විසින් පසුගිය කාලය පුරාවට එම කළාපය ලබාදුන් සහනද මෙම සීඝ්‍ර පරිවර්ථනයට විශාල සහයක් වී තිබේ. එහිදී ඉන්දීය රජය විසින් මෙතක් ජම්මු කාශ්මීර ප්‍රදේශය තුල පිටස්තර පාර්ශයන්ට අයේජනයන් කිරීමට පැවති බාදාවන් ඉවත් කිරීමටද පියවරගනු ලැබීය.

එමගින් නව ආයෝජකයින් විශාල පිරිසක් එම කළාපය වෙත ඇදී ආ අතර එහිදී ඉන්දීය රජය විසින් ලබාදුන් සුරක්ෂිත භාවයද විශාල පිටිවහලක් විය.

මෙහිදී ඉන්දීය රජය විසින් ජම්මු කාශ්මීර ප්‍රදේශයේ කාන්තාවන්ගේ අධ්‍යාපනය නඟ සිටුවීමටද විශේෂ වැඩසහනක් දියත් කළේය. එමගින් කාන්තාවනට් ස්වාධීන කටයුතු කිරීමටත් මූල්‍ය විනයක් ඇති කරගැනීමටත් අවකාශය උදාවිය.

මේත සමඟම කාන්තාවන්ට නිවස පදනම් කරගෙන නව ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමටද අවස්ථාව හිමි වූ අතර එමගින් කුටුම්භයේ ආර්ථික තත්ත්වයද ඉහළ යාමට හේතුවිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහි ප්‍රථිපළයක් ලෙස අදවන විට ජම්මු සහ කාශ්මීරයේ කාන්තාවන් හතලිස් දහසකට අධික සංඛ්‍යාවක් කෝටිපතියන් ලෙස වර්ගීකරණය කර ඇති අතර ඔවුන් මසකට රුපියල් ලක්ෂයකට වඩා උපයන බැවින් ඔවුන් අතර ඔවුන්ගෙන් සියයට 65 ක් ව්‍යවසායකයින් වේ.

Exit mobile version