යතුරුපැදිය නැවැත්වූ සැරයන්වරයාට පිහියෙන් ඇණ පලා ගිහින්…

ඊයේ රාත්‍රියේ මහව පොලිසියේ පාමුර සංචාරයේ යෙදී සිටි පොලිස් සැරයන් වරයෙකුට , යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙක් පිහියකින් ඇන පලා ගොස් තිබෙන බව මහව පොලිසිය පවසයි. ඊයේ රාත්‍රි 11ට පමණ මහව පොළ හන්දියේ දී මෙම සිදුවීම සිදුවී තිබේ.

මහව පොලිස් ස්ථානය ට  අනුයුක්තව සේවය කරන ගිරිබාව පදිංචි පොලිස් සැරයන් (56451) , ආනන්ද   සහ තවත් කොස්තාපල්වරයකු රාත්‍රි පාමුර සංචාරයේ යෙදී සිට ඇත. මහව පොල හන්දියේ දී මහව උඩගම දෙස සිට පැමිණි යතුරු පැදියක් පිළිබඳ සැක සිතුන නිසා , පොලිස් සැරයක් වරයා එම යතුරු පැදිය නතර කර ඇත. යතුරු පැදියේ දෙදෙනෙක් ගමන් කර ඇති අතර , ඉන් බැසගත් අයෙක් එක්වරම පොලිස් සැරයන් වරයාට පිහියකින් ඇන , නැවතත් යතුරු පැදිය ට නැගී පලාගොස් ඇත.

තුවාල ලැබූ සැරයන්වරයා මහව රෝහල ට ඇතුළු කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නිකවැරටිය මූලික රෝහලට ඇතුළු කර තිබේ.


විශේෂ විමර්ශනයකින් පසු පලාගිය සැකකරුවන් දෙදෙනා මහව උඩගම ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් මහව මෙත්තා පදනමේ සේවය කරන්නන් ය.

මහව පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනාගෙන් මේ වන විටත් ප්‍රශ්න කරමින් සිටියි..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහව මූලස්ථාන පොලිස් පරීක්ෂක හේරත් මහතාගේ උපදෙස් මත , මහවපොලිස් අපරාධ අංශයේ පොලිස් පරීක්ෂක ජයරත්න ඇතුළු පොලිස් නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති…

Exit mobile version