මෝදි ගේ  ශ්‍රී ලංකා සංචාරය අවිනිශ්චිතයි…

ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදි

දිනසේන රතුගමගේ –

මාර්තු මස 30 වෙනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේද්‍ර ශ්‍රී මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බොහෝ දුරට අවලංගු විය හැකි බව ඉන්දීය පුවත් සේවා අද (20)   ප්‍රකාශ කළේය.

මේ සංචාරය අවලංගු වුවහොත් මෝදී අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ සිට නවීන තාක්ෂණ මාර්ගෝපගත ක්‍රමයන් ඔස්සේ ශ්‍රී ලංකාවේදී මෙවර  පැවැත්වෙන බිම්ස්ටෙක් සමලුව අමතන බවද ඉන්දීය වාර්තා සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් යාපනයේ පිහිටි ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසූ විට එහි නිලධාරියෙකු කියා සිටියේ මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් තවමත් ඔවුන් වෙත ලැබී නොමැති බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් මීට පෙර එවන ලද නිවේදනයේ මෝදි අග්‍රාමාත්‍යවරයා 30 වෙනිදා යාපනය පලාලි ගුවන් තොටුපල වෙත ඉන්දියාවේ සිට පැමිණීමට නියමිතව තිබූ බවත් යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය හා පලාලී ජාත්‍යන්තර ගුවන් තොටුපලේ  පසුව ඉදි වූ කොටස විවෘත කිරීම සදහා   ඔහු සහභාගී වීමෙන් අනතුරුව බිම්ස්ටෙක් සමලුවට සහභාගී වීමට කොළඹ බලා යන බවත්  සදහන්ව තිබූ බවත් එම නිලධාරියා පැවසීය.

Exit mobile version